Chapter 22

241 65 9
                                    


"දෙවියන්ට ස්තූතිවන්න ඔයා එයාව හොයා ගත්තා ටේහියුන්" ග්‍රෑන්ඩ්මා කිම් ටේහියුන් හට කිව්වා.

"ඔව්, ලොකුම සැනසීම, ජංකුක්ට කිසිම කරදරයක් වෙලා නෑ." ගායකයා ප්‍රකාශ කළේ, ජන්කුක්ගේ සිනිඳු හිසකෙස් පිරිමැදෙමින්, ඔහුගේ බැල්ම කිසිවිටෙකත් පිරිමි ළමයාගේ නිදා සිටින මුහුණෙන් ඉවත් නොවීය.

"ඒ කියන්නෙ දැන් ඔයාලා බේබිව ඇබෝර්ට් කරන්නේ නෑ නේද?"කිම් ග්‍රෑන්ඩ්මා ඇසුවා.

ටේහියුන් හිස සෙලෙව්වා."ඇබෝර්ට් එක නොකලොත් ජන්කුක්ව මැරේවි.ඇබෝර්ෂන් එක කලොත් ඉස්සරහට වෙන්න තියෙන හැම නරක දෙයක්ම නතර වෙයි.මට එච්චරයි දැන ගන්න ඕන."ටේහියුන් කිව්වා.

"නෑ ඒක එහෙම නෙවෙයි ටේහියුන්."කිම් ග්‍රෑන්ඩ්මා ලොකු හුස්මක් අරන් දිගටම කතා කරන් ගියා,"ඔයා ජන්කුක්ට නොකියා ඇබෝෂන් එක කලොත්, එයාට ඒක කොහොම දැනේවිද?අනිවාර්යයෙන්ම එයාට ඔයා ගැන තියෙන විශ්වාසය නැති වෙලා යාවි."

"මන් ඒක දන්නවා-" "ඉස්සෙල්ලා මට මේක කියලා ඉවර කරන්න දෙන්න බ්‍රැට්"කිම් ග්‍රෑන්ඩ්මා එයාගෙ පර්ස් එකෙන් ටේහියුන්ගේ ඔලුවට එකක් ගහන ගමන් කිව්වා.

"මේ ප්‍රශ්නය ගැන ජන්කුක් එක්ක කතා කරන්න. ඔයාලා දෙන්නා දැන් යුවලක්, දැන් නීතියානුකූලව විවාහ වුන දෙන්නෙක්නෙ. දෙන්නම එකතු වෙලා ප්‍රශ්නය විසදන්න, නැත්නම් තනි තීරණයක් ගන්න එක අසාධාරණයි."කිම් ග්‍රෑන්ඩ්මා සුසුම් ලෑවා."ජන්කුක් දරුවට ආදරෙයි.ඒත් එයා දන්නෙ නෑ දැන් තියෙන්නෙ මොන වගේ අවදානම් තත්ත්වයක්ද කියලා.ඉතින් ඔයා තමයි ඒක ජන්කුක්ට දැන් පැහැදිලි කරලා දෙන්න ඕන."

"නමුත් එයා අහන්නේ නැතිවේවි." කිම් ග්‍රෑන්ඩ්මාගෙන් ආයෙත් පර්ස් පාරක් කන ගමන්, ටේහියුන් කිව්වා.

"මුලින් එයාට කතා කරලා ඉන්න.අඩුම තරමෙ මේ ගැන ඔයාට හිතෙන්නෙ මොනවද කියලාවත් ජන්කුක්ට කියන්න"

"හරි"ටේහියුන් හෙමින් කිව්වා.ඒක අහලා කිම් ග්‍රෑන්ඩ්මාගෙ මූණට හිනාවක් ආවා.

"හරි එහෙනම් මන් ආපහු එන්නම්.දැන් මට හොද විවේකයක් ඕන.ආයෙත් මොකක් හරි උනොත් මට කතා කරන්න හරිද?"

𝔻𝕀𝕍𝕆ℝℂ𝔼𝔻?- Sinhala Translation - (Taekook)✔️Where stories live. Discover now