CHAPTER 12

508 115 22
                                    

Sorry for the late updates 🙄💕

"බලන්නකෝ මේ ඔක්කොම ඔයාගෙ වැරදි! දැන් මම කොහොමද ආයේත් ශොප් එකට යන්නේ!"

"මම ඔයාට සොරි කිව්වනේ.. නේද?" ටේහියුන්  සුසුම්ලමින්, කුනු කුනු ගාන කොල්ලාව ඔහුගේ  තුරුලට  ඇදලා ගන්න ගමන්, ඔහුගේ තොල් මතට පුංචි පෙක් එකක් තිබ්බා, "ඉතින් බබා ඔයාට පුලුවන් නේ මගෙත් එක්ක එන්න අනික අද මම ෆ්‍රී MV සීන් එකක් ශූට් කරන්න විතරයි තියෙන්නේ."

"ඒත් මට මගේ මල් ඕනනේ..." ජන්කුක් තම දිලිසෙන දෑසින් ටේහියුන් දිහා බලාගෙන  "මට මගේ රෝසිලාව  ඕන..."

"මම දන්නවා මම දන්නවා. ඒකයි මම දැනටමත් එක එක්  මල් වර්ග අරන් තියෙන්නේ. ඒවා ඔක්කොම  මගේ වේටින් රූම් එකේ තියනවා.ඔයා මගෙත් එක්ක අද යන්න ආවොත් ඔයාට එව්වා බලන්න පුලුවන්!"

ජන්කුක් ගේ දෑස් ක්ෂණිකව ආලෝකමත් වුණා, "එහෙනම් අපි යමු, හියුන්ගී!"
.
.
.
.
.

"ලයිව් එක ඕපන් කරලා ගොඩක් වෙලා නේද?" ටේහියුන් ඇසුවේ කැමරාව දිහා බලාගෙනයි.

කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට්ස් වැටුනේ හිතාගන්න බැරි වේගෙකින්. ඒවායින් ගොඩකම තිබුනේ 'ටේහියුන් ඔප්පා අයි මිස් යූ, අපි ඔයාට ආදරෙයි ,ඔයා ඇත්තටම මැරීඩ් ද ටේහියුන් ඔප්පා?"

"ඔව්." ටේහියුන් අන්තිමට උත්තර දුන්නා,

"ඔයාලා එයාව පස්සේ බලන්න. එයා දැන් වොෂ් රූම් එකේ ඉන්නේ."

"මට එයාව දකිනකන් ඉවසිල්ලක් නෑ!"

"හොඳයි ඇයි ඔයා පිරිමි කෙනෙක්ව බැන්දේ?"

"ඔයා බැඳලා ඉන්න එකට මම කැමති නෑ!"

ටේහියුන්  සෘණාත්මක විදිහට ආපූ කමෙන්ට්ස් එකක්වත් ගාණකට ගත්තේ නෑ. SUDOKU පොතක් අතැතිව එයා දිහාවට ඇවිදගෙන එන ජන්කුක් දුටු විට ඔහුගේ දෙතොල් ඉහළට නැමිලා හිනාවක් මතු වුනා.

"හියුන්ගී!" ජන්කුක්  උද්යෝගිමත් විදිහට කෑගහන ගමන් ටේහියුන්  ගේ උකුල මත වාඩි වුණා. "මේ  බලන්නකෝ! ස්ටාෆ් එකේ හියුන්ගී කෙනෙක් මට මෙම පොත දුන්නා! එයා කිව්වා ඔයාට ශූටින් පටන් ගත්තම  මට කම්මැලි වෙයි කියලා."

𝔻𝕀𝕍𝕆ℝℂ𝔼𝔻?- Sinhala Translation - (Taekook)✔️Kde žijí příběhy. Začni objevovat