End

283 61 18
                                    

"මමී~ඩැඩී~නැගිටින්න" දැන් කුඩා රුවක් ටේහියුන් ලගට පැමිණියා. ගායකයාව වරක් සොලවා දකුණු පස හැරී ජංකුක්ව සොලවන්නට පටන් ගත්තා.

"ජන්ග්යෙඔ නාහ්, ඔයා තනියම සෙල්ලම් කරන්න මට මහන්සි..." ටේහියුන් ඔහුගේ ගැඹුරු කටහඬින් තම දියණියට ඒත්තු ගන්වන්නට උත්සාහ කරා.

"නපුරුයි!" කුඩා ගැහැණු ළමයා පවුට් එකක් සාදා ගත්තා "මමී~"

දුකට කාරණය ජංකුක් කියන්න ගැඹුරු නින්දට හිමිකම් කියන කෙනෙක්. අඩුම ඔහුට ඔහුගේ දියණියගේ කෙදිරි ගෑමවත් ඇසුනෙ නෑ.

ජන්ග්යෙඔන් කේන්තියෙන් හුස්මක් පිට කලා. "හොදයි!" ඇය කේන්තියෙන් ඇයගේ දැස් රෝල් කලා. එවිට එකපාරටම, ඇයගේ මනසට අදහසක් පැමිණියා.

"ඩැඩී~"

ටේහියුන් නිදිමතේ මුමුණමින් උත්තර දුන්නා "ඔයා දැන් නැගිට්ටේ නැත්නම්, හිතන්න බලන්න මම මොකක්ද කරන්න යන්නේ කියලා"

"මොකක්ද ඔයා කරන්නේ?"

"මම මමීට කියනවා ඔයා මමීගෙ රෝසිව මරලා, ඒකරල ඔයා ඒක නිකම්ම ගාර්ඩ්න් එකේ වල දැන්මා කියලා"

ටේහියුන් කලබලෙන් ඇදෙන් නැගිට්ටා. ඔහු ඔහුගේ විශාල අතකින් දියණියගේ කට වසා , ඔහුගේ එහාපසින් නිදාගෙන සිටින පුද්ගලයා දෙස බැලුවා. ජංකුක් ගැඹුරු නින්දක සිටිනවා දුටු ටේහියුන් සුසුමක් හෙලුවා.

"කිම් ජන්ග්යෙඔන්! ඔයාට ඔනි ඔයාගෙ අප්පව මරා ගන්න, එහෙම නෙවෙයිද?" ටේහියුන් තමන්ගේ දියණියට මෘදුව බැන්නා, ඒ වෙනුවට ඔහුට ඇසුනේ සුරතල් සිනහවක්.

"මම ඔයාට උදව් කරන්නේ ඩැඩී!" ජන්ග්යෙඔන් අහිංසක ලෙස ඇයගේ ඇස් පිල්ලම් ගැසුවා, "දැන් ඔය නැගිට්ටේ! අපි මමී වෙනුවෙන් බ්‍රෙක්ෆස්ට් රෙඩි කරමු."

ඇය ඇදෙන් බිමට පැන්නා, එවිට ටේහියුන් සද්දෙන් කෙදිරි ගෑවා.

"ළමයිනම් හරිම ජවසම්පන්නයි." ටේහියුන් ජංකුක් දෙස බැල්මක් හෙලුවා, "ඇයි දෙයියනේ එයා ඔයාට කරදර කරන්නේ නැත්තේ? ඒක හරිම අසාධාරණයි."

හුරතල් ලෙස ගොරවන ජංකුක්ගේ දෑස් තවමත් පිය වී තිබුණා. ටේහියුන් ඒ හුරතල් දර්ශනයට සිනහසුනා, "කොහොම වුනත් ඔයාට සුදුසු හොදම දේ."

𝔻𝕀𝕍𝕆ℝℂ𝔼𝔻?- Sinhala Translation - (Taekook)✔️Where stories live. Discover now