Chapter 5

209 39 11
                                    

A/N Pov

"කුමරුවණි..."

"කුමරුවණි මෙයයි නිසි කාලය..."

"ඔබේ වගකීම භාරගන්න shadow..."

සුදු පැහැති දිලිසෙන සේද රෙද්දකින් සිය ශරීරය දෙපතුල දක්වාම ආවරණය කරගෙන සිටින ප්‍රිය මනාප කාන්තාවක් සන්සුන් ස්වරයෙන් එසේ පැවසුවේ ඉතාමත් නිවුණු කටහඩකින්..

"ක..කවුද..
  කවුද ඔයා.."

වයස අවුරුදු දාහතක් පමණ වූ තරුණ පිරිමි දරුවා එසේ විමසුවත් ඔහු දෙස බලා දයාන්විත සිනහවක් පෑ එම කාන්තාව යමක් පවසමින් දූවිල්ලක් සේ එතැනින් අතුරදහන් ව ගියා..

පෙර කී තරුණයා තම මුව දෙපසින් රූටා බසින දහදිය බිඳු පිසදමමින්
නින්දෙන් අවදි වී, ඇද විට්ටමට තම පිට තබා නිදන ඇද මත හිඳගත්තේ බිත්තියට තම හිස බර කර දෑස් පියාගන්න අතරේමයි...

"මේක හතරවෙනි පාර...."

තමාටම මුමුණ ගත් තරුණයා බිත්තිය මත එල්ලා තැබි ඔරලෝසු මුහුණතෙන් වේලාව බලා නිදි හිරි අරිමින් ඇදෙන් බැස නානකාමරය වෙත පිවිසියේ සෑම උදෑසනකම ඉටු කරන තම රාජකාරීන් ඉටුකොට පිරිසිදු වී පාසල් යෑමේ අරමුණෙන්...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Nethun's Pov

සතියක්..  අදට සතියක් වෙනවා මම මේ ඉස්කෝලෙට ඇවිල්ලා... මේ සතිය ඇතුළත හුඟාක් දේවල් වෙනස් උනා..

මම දැන් ඉස්කෝලෙ එන්නේ,යන්නේ සිසු සැරියේ.. හොදම දේ මොකක්ත දන්නවත..?? සුදු කුමාරයයි ෂේවෝනුයි හිමාෂයයි යන්නෙත් සිසු සැරියෙමයි.. මං යන එකේමයි..

මේ සතිය ඇතුළත අපි හතරදෙනා විතරක් නෙවෙයි.. පන්තියේ ගොඩක් ළමයි මං එක්ක ෆිට් උනා.. හැබැයි ඒ අතරින් ඇසට ඇසක්, කටට කටක්, අතට අතක් දෙන බොක්කේ ෆිට් එක උනේ මයේ අනියන් ලව් එක ශෙවෝන්.. ඒ කිව්වේ හොදම යාලුවා උනේ ශෙවොන් තමා ඉතින්.. ඌ හරි හොද එකා බන්.. උගේ කටේ එකයි හිතේ එකයි නෑ.. කියන්න තියෙන දේ ආයේ නෑ කෙලින්ම කියලා දානවා.. කවදහරි මං හොද කෑමක් කනවා මූ එක්ක ඉදලා.. වෙන මොකක්වත් නිසා නෙමේ මුගේ මේ වක්කඩේ වගේ කට නිසා..

එතකොට හිමාෂයි සුදුකුමාරයායිත් අපේ හොදම යාලුවෝ උනා.. අපි හතර දෙනා කෑවේ බිව්වේ එකට.. පන්තියේ හිටියෙත් එකලග.. එකලග කිව්වට අයිනෙම එකේ මං, මට එහා පැත්තේ ශෙවොන්, උට එහා පැත්තේ හිමාෂ, හිමාෂයට අයිනේ තෙහස්.. ඒකියන්නේ තෙහස් හිටියේ එහා කෙළවරේ වෙද්දි මං හිටියේ මෙහා කෙළවරේ..

Bloody Moon - Taekook NonficWhere stories live. Discover now