Chapter 10

194 32 8
                                    

Author POV

"හරි එහෙනම් තුන වෙද්දි ලෑස්ති වෙලා හිටපන්"

"මං එලියට එන්නම්.. මේ හිමාශ..?"

"ඕ"

"සුදු ඇඳුමකුත් ඕන වෙයි නේද පන්සල් යන නිසා..?"

"මොන පන්ස~ ආ.. ඔව් ඔව් සුදු එක්කුත් දාන් වරෙන්"

"හරි එහෙනම් මං තියෙනවා බෑග් එක හදාගන්න ඕනෙ"

හිමාශ එක්ක දුරකථන සංවාදයක හිටපු තෙහස් එහෙම කියන ගමන් රිසීවරය ආපහු බිත්තියේ සවි කරලා තිබුණු දුරකථනයේන් තිබ්බා.. කොරිඩෝව දිගේ ඇවිදගෙන ගියපු තෙහස් එයාගේ කාමරේට ඇතුල් වෙලා තමන්ගේ බෑග් එකට රෙදි ටික දාන්න ගත්තා..

අද ඉරිදා දවසක්.. ඊටත් වඩා විස්තර කරොත් අද පෝය දවසක්.. පහුගිය දින දෙක සාමාන්‍ය විදිහටම ගෙවිලා යද්දි තෙහස්ට නම් ඒ දවස් සාමාන්‍ය උනේ නෑ..

මෙච්චර කාලෙකට මුහුණ නොදීපු අමුතු විදිහේ දේවල් වලට මේ දවස් දෙකේ තෙහස්ට මුහුණදෙන්න සිද්ධ උනා.. හරියට ඔලුවෙන් එක එක විකාර හඬවල් ඇහෙන්න ගත්ත එක,වෙනදට චායාවක් වගේ පේන දුර තියෙන දේවල් හොදින් පැහැදිලිව පේන එක, වෙනදට නොඇහෙන පොඩි පොඩි සද්ද පවා හොදට ඇහෙන්න ගත්තු එක, වෙනදට නොදැනුණු එක එක සුවඳ ජාති දැනෙන්න ගත්තු එක, රෑ නිදාගෙන උදේ නැගිටිද්දි තමන්ගේ ශරීරයේ වෙනස්කම් දැනෙන්න ගත්තු එක වගේ..

තමන්ට පිස්සු හැදීගෙන එනවවත්ද කියලා සාධාරණ සැකයක් මේ වෙද්දි තෙහස්ගේ ඔලුවේ ඩෙගා නටන්න පටන් අරන් තිබ්බේ...  අවසානේ තමන්ගේ යාලුවොන්ටත් සමුදීලා, මැඩම්ලටත් සමුදීලා තෙහස් දෙකයි හතලිස්පහ වගේ වෙද්දි ගේට්ටුව ගාව තිබුණ පුංචි බංකු පේලියෙන් ඉඳගත්තා..

ඊට විනාඩි දහයකට වගේ පස්සේ එතනට ආපු කා එක අඳුරගත්තු තෙහස් කා එකට නැග්ගේ ග්‍රෙගෝ, එහෙම නැත්තන් මිස්ටර් ජානක ගිහින් මැඩම්ලා එක්කත් කතාකරන්න යන අතරේ..

තෙහස් ඇවිත් පැසේන්ජර් ශීට් එකෙන් වාඩි උනහම පිටිපස්සේ ශීට් එකේ හිටපු හිමාශ බෙල්ල දාලා තෙහස්ට කතා කරා..

"හායි"

"අම්මොහ්"

තෙහස් පපුවටත් අත තියන් වේගෙන් හුස්ම ගන්න ගත්තම හිමාශ බූරුවෙක් වගේ හිනාවෙන්න ගත්තා..

Bloody Moon - Taekook NonficWhere stories live. Discover now