Chapter 24

161 23 245
                                    

"මගේ ජීවිතේ සොඳුරේ නුඹ පමණයි..
නෑ යන්නේ හැරදා කිසිදා...
තරු මිලින වෙලා සදු නෑ අද මගේ ලෝකේ..
බොදවී පැතුමන් මා හඬවා.."

මට ඇහෙනවා එයා ඒ වචන පෙල තාලෙට, රහසෙන් මුමුනන විදිහ..

"ගැස්සෙන ඔය හදේ රිද්මයේ..
සත්තට තුරුලු වී සැනසුනේ.."

එයාගේ පපුව අස්සට තව තවත් ගුලි උනු මං එයාගේ පපුවට මගේ කම්මුලක් තද කරගෙන කිව්වහම මට ඇහුනා එයා හිනාවෙනවා..

"ලස්සන සිනහවක පැටළුණේ..
සිඳගන නුඹද මා සුරතලී..."

අවසාන පදපේලියත් තාලෙට මුමුනපු එයා මගේ හිස් මුදුනෙන් හාදුවක් තිබ්බේ මගේ මූනට හිනාවක් ගෙනල්ලා..

"නැගිට්ටද රත්තරන්..?"

එයා එහෙම අහන්න ඇත්තේ මම දැන් පැයභාගෙකටත් වඩා එයාගේ පපු තුරුලේ සැනසීමෙන් නිදාගෙන හිටපු නිසා වෙන්නැති..

ඔව්.. අපි තාමත් ඉන්නේ බීච් එකේ.. දැන් රෑ හතත් පහු.. මේ වෙද්දි සෙනගත් හැමෝම ගෙවල් වලට ගිහින් නිසා වෙරළේ තැනින් තැන ඉදන් මුහුදේ පාලු මැකුවේ කපල්ස් කීපයක් විතරයි.. අපිත් ඒ අතරින් එකක්..

කලින් වෙලාවේ අපි මුහුදෙන් ගොඩට ඇවිත් ටික වෙලාවකට පස්සේ එයා ගෙනත් තිබ්බ ඇදුම් ඇදගත්තා.. එයා හරියටම මගේ සයිස් එක තෝරලා ගෙනත් තිබුණු නිසා මට ඒ ඇදුම් ගානට ගැලපුනා..

එයා ඇදුම් තියලා තිබ්බ කඩෙන්ම තිබ්බ බඩගින්නට අපි පරාටා කෑවා.. ඊටපස්සේ ආපහු වෙරළට ආපු අපි දෙන්නා හිටියේ වෙරළේ ඉදගෙන උනත් මුහුදේ රැලි එක්ක නටල නටල තිබ්බ මහන්සියට මම එයාගේ උරහිසෙන් මගේ ඔලුව තියාගත්තා..

ඊට විනාඩි පහකට වගේ පස්සේ මට එයාගේ උරහිස උඩම නින්ද යද්දි මට ලා නින්දෙන් දැනුනේ එයා මගේ කම්මුලකට අත තද කරලා, මගේ ඔලුව එයාගේ උරහිසෙන් වැටෙන්න නොදී පරිස්සමට අල්ලගන්න ගමන් එයාගේ පපුවට තද කරගත්තු විදිහ..

ඊටපස්සේ එයා මාව ඇහරවෙන්නේ නැති විදිහට හෙමීට වැලි පොලවේ දිගා උනේ ඒ පළල් පපුවේ උනුහුම මටම විතරක් අයිති කරලා දීලා වෙද්දි මම ඒ ශක්තිමත් පිරිමි පපුවේ ආදරේ පිරුණු උනුහුමත් එක්ක නින්දට වැටුණා..

Bloody Moon - Taekook NonficWhere stories live. Discover now