Chapter 27

120 25 358
                                    

"බබා මන් එළියට ගිහින් එන්නම්.. පරිස්සමින් ඉන්න මං ඉක්මනින් එනවා"

"හෝව් හෝව් ඇයි යන්නේ"

"දෙහි අරන් ඇවිත් නෑ මුන් ටික.. මේ ළඟ කඩෙන් අරන් එන්නම් මන්"

"මාත් එනවා"

"ඔයාලට යන්න දෙන්නෑ නෙතුන්.. මම ගිහින් එන්නම් සදකැළුම් එක්ක"

"ම්ම් හරි"

තෙහස් මගේ පිටට තට්ටුවක් දාලා පිට්ට්නියෙන් එළියට යන විදිහ මං බලන් හිටියා..

එයා අද හුගක් හැන්ඩ්සම්.. වගේම ඇට්‍රෑක්ටිව්..

මම හිටියේ කොට්ටපොර ගහන තැන.. දැන් වෙලාවත් දොලහට විතර ඇති.. වාසනාවට පිට්ටනියෙ අයිනේ තිබ්බ ලොකු ගහකින් මේ කොටස ආවරණය වෙලා තිබුණා..

මෙච්චර වෙලා තිබ්බේ පොඩි අයගේ තරඟ.. දැන් තමා අපේ ඒවා පටන් ගත්තේ.. ඒනිසා අපි කවුරුත් තාම එක තරඟකෙටවත් සහභාගී උනේ නෑ..

"අඩෝ මාත් යන්නද"

තෙහස් ගේට් එකෙන් එලියට යන දිහා බලන් හිටිය මං ආපහු අනිත් පැත්තට හැරුණේ ශෙවෝන්ගේ කටහඬෙන්..

ශෙවෝන්,හිමාශ වගේම යෙනුලුත් මගේ එහාපැත්තෙන් හිටගෙන හිටියා..

"කොහෙද?"

"කොට්ට පොර ගහන්න"

මූ කිව්ව ගමන් මගේ කටින් බකස් ගාලා හිනාවක් පැන්නම ශෙවෝන් මගේ අතකට ගැහුවා..

"උබ ආසයිද හක්ක නහයට යවාගෙන නහය හක්කට බස්සගන්න"

"ඇයි දැන් තෝ කියන්නේ මට බෑ කියලද"

ශෙවෝන් මට රවාගෙන කිව්වම මම හිනාවිල්ල පැත්තක දාලා, නහයේ උඩ කොටස අල්ලගන්න ගමන් ඔලුව දෙපැත්තට වනලා ශෙවෝන්ගේ උරහිසෙන් අතක් තියාගත්තා..

"මුලින් හොඳට කාලා ඉදපන්.. ම්ම්..? බලපන් මං දෙපාරක් උබේ උරහිස වැනුවම උබ හතර පාරක් ඉස්සරහටයි පස්සටයි යනවා"

මං ශෙවෝන්ගේ උරහිස හොල්ලන ගමන් කිව්වම ඌ මගේ අත ගසලා දැම්මා.. මූව අවුස්සන එක තරම් ආතල් එකක් මට් නෑ ඉතින් අයේ.. පෞ හැබැයි..

"ඉදා උබට"

ශෙවෝන් එකපාරටම කෑ ගහන ගමන් දනිස නමලා මගේ බඩට ඇන්නේ වේදනාවට මගේ ඇස් තදවෙලා, මම දනිස්ස නවාගෙන බිමට පාත්වෙද්දි..

Bloody Moon - Taekook NonficWhere stories live. Discover now