♕🌟7th

357 93 3
                                    

ජින් සමග මාළිගයට පැමිණි නම්ජුන් ඔහුව පහල තිබුණ කුටියට එක්ක ගියා. සේවකයෙක් දොර විවර කරලා දුන්නාම ජින් ඒක ඇතුලට ගියා. ඒත් එකපාරටම එලියේ හිටිය නම්ජුන්ට ඇහුනේ කෑ ගහන සද්දයක්. නම්ජුන් හිතුවේ ජින්ට ඒන්ජල් කරදරයක්වත් කලාද කියලා. ඒ නිසා නම්ජුන් එතනට ඉක්මනට ආවා.

" මොකද වුනේ..."

" එයා... එයාට පියාපත් තියෙනවා... එයා රාක්ශයෙක් ද..."

" ඔයා මාව බය කලා ජින්... එයා රාක්ශයෙක් නෙමේ එයා ඒන්ජල් කෙනෙක් මම හිතන්නේ... එයා අපේ උගුලකට අහුවෙලා හිටියදි අපි සොයාගත්තේ... ඔහු ඉන්නේ සිහිසුන්ව..."

" ඒත් මන් බෙහෙත් කරන්නේ මනුස්සයන්ටනේ... මොහුට කෙසේද මන් බෙහෙත් කරන්නේ..."

" බය වෙන්න දෙයක් නෑ... මන් හිතනවා එයා ඔයාට කොහොමවත් කරදර කරන එකක් නැතිවෙයි..."

" එයා මට කරදර කලොතින් නම්ජුන් ඔයා ඉවරයි හරිද..."

" එහෙමයි එහෙමයි... දැන් බෙහෙත් කරනවද..."

" හ්ම්ම්ම්... "

ජින් තමන්ගේ බෙහෙත් මල්ල බිමින් තියලා හෙමෙන් හෙමෙන් ජිමින් ලගට ලංවෙලා බැලුවා.

" නම්ජුන් එයා රස්නෙයි ගොඩක්..."

" එයාටත් උණ හැදෙනවද..."

" ඒක කොහොමද මන් දන්නේ... ඒත් එයා ගොඩක් රස්නෙයි... මෙයාව මෙතන තියලා බෙහෙත් කලාට හරි යන්නෑ... මන් හිතන්නේ එයා මොකක් හරිම නිසා වේදනාවෙන් ඉන්නේ..."

" ඒත් මට බෑ එයාව මෙතනින් ගන්න... ඒකට අවසර නෑ... අනික ජින් ඔයා දන්නවනේ ජේකේගේ වචනෙට පිටින් ගියාම වෙන දේ..."

" ඔව් ඇත්ත... ඒක අවදානමක් තමා... ඇත්තටම මට මේ පුංචි ඒන්ජල් ගැන ගොඩක් දුකයි... ඔයාලට එයාව මෙහේට නොගෙන එන්නයි තිබ්බේ..."

ජින් එයා බෙහෙත් මල්ලෙන් කුප්පියක් අරගෙන ඒක ඇරලා ජිමින්ගේ නහය කිට්ටුවෙන් කිහිප සැරයක් එහා මෙහා කලා.

" මේක මිනිස්සුන්ට නම් හරි යනවා... අපි බලමු ඒන්ජල්ටත් හරි යයිද කියලා ..."

" ම්හ්හ්හ්හ්...හ්ම්ම්ම්ම්..."

" ඕහ්... ඒක වැඩ කලා... ඔහුට සිහිය ආවා..."

.
" ඔබ ඇහැරුණාද... ඔබට කොහොමද..."

ජින් ඉතාම සුහදශිලීව ඇහුවේ...

ඒත් ජිමින් බයෙන් ඉක්මනට පිටි පස්සට වුණා...

" ආහ්හ්හ්..."

───────────────────────♕🌟

◉𝙰𝙽𝙹𝙴𝙻◉ [𝚓𝚒𝚔𝚘𝚘𝚔 |✓]Unde poveștirile trăiesc. Descoperă acum