♕🌟 18th

303 91 4
                                    

"ජිමින් ඔයා එයාට කැමැත්තක් දක්වන්නේ ඇත්තටමද?..."

" යුන්ගි හියුන්..."

ජිමින් පුදුමෙන් වගේම බයෙන් වගේ යුන්ගි දිහාට හැරුනේ.

" ජිමිනා මන් ඇහුවේ අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාගේ හදවතට දැනෙන දේ අනුව කියන්න මට."

" මන් හිතන්නේ මන් කැමතියි."

ජිමින්ගේ පිලිතුරට ඔළුව ඉහල පහල කරපු යුන්ගි ඇවිත් ජිමින්ගේ උරහිස් දෙකෙන්ම අල්ලලා ,

" ජිමින් එයා ඔයාව බලාගන්නව නම් එයා ඔයාව ආරක්ෂා කරයි කියලා හිතෙනව නම් මන් හිතන්නේ එයා ඒන්ජල් කෙනෙක්ද මනුස්සයෙක්ද කියන එක මෙතනට අදාල නෑ. ඔයාගේ හදවත කියන්නේ මොකද්ද බලන්න. හැබැයි හදවතට වහල් වෙන්න යන්න එපා. මොළෙන් හිතන්න ඔයාට ගැලපෙනවද ඔයාට කොහොම සලකයිද වගේම ඔයාට ආදරෙයිද කියලා. එහෙම නම් ඔයා ඒක කරන්න ඕනි."

යුන්ගි කිව්වේ ජිමින්ගේ ඇස් දිහාම බලාගෙන.

" ඒත් මම් කොහොමද එයා මට කැමතිද ආදරෙද කියලා දැන ගන්නේ. මට ඒක හිතාගන්න බැහැ. එයා ඇත්තට මට අකමැති නම්."

" ඒක ඔයාට මෙහේ ඉදලා හොයන්න පුළුවන් වෙයි කියලා මන් හිතන්නේ නැහැ. ඒකට ඔයාට එයා ලගට ගිහින් බලන්න වෙනවා."

" ඔයා කැමතිද මන් එහෙම යනවට. මොකද ඔයාලා මට බයිනවනේ."

" කියලා ගියාම ප්‍රශ්න නෑ ජිමිනා." හොබිත් ඒ දෙන්නට එකතු වුනා.

" එහෙනම් මන් ඇත්තටම ගියාට කමක් නැද්ද."

ජිමින්ගේ බලාපොරොත්තු පිරුණු දිලිසෙන ඇස්වල සතුට පිරිලා තිබුණා. ඒ නිසාම ඊලග දවසේ යන්න කිව්වත් ඒ තරම්වත් ඉවසන්න පුළුවන් කමක් එයාට තිබුණේ නැහැ. ඒ නිසාම එදාම ආයේම ජිමින් ජේකේගේ මාලිගාවට ගියා.

ජිමින් හරිම ආසාවෙන් ආවා වුනත් බයක් ඇතුලේ තිබ්බා ජේකේ එයාට මොන වගේ ප්‍රතිචාරයක් දෙයිද කියලා. ජිමින් ඇවිත් එකපාරම ජේකේව ඇහුවේ නැහෑ. ටේත් නම්ජුනුත් එයලගේ මාලිගාවට ගිහින් කියලා සේවකයෙක් කිව්වා. ජින් ගමෙන් පිට රෝගියෙක් බලන්න ගිහින් කිව්වා.

ජිමින් ජේකේ ගැන ඇහුව විටදි සේවකයා පැවසුවේ ඔහු ආයේම තමන්ගෙ කාමරෙන් එලියට එන්නේ අඩුවෙන් කියලා. ජිමින් සේවකයගෙන් ඇහුවෙ ඒ මොකක් නිසාද කියලා. ඒ ජේකේගේ හැටි බවත් ඔබ මෙහි සිටින කාලේ නම් නිතරම ජේකේ එලියේ ගැවසුනත් ඔබ ගියාට පසුව ආයේම පුරුදු ලෙසම සිදු වුණා කියල සේවකයා ජිමින්ට පැවසුවා.

සේවකයා පැවසුවේ ජිමින්ට ආපසු යන්න කියලා. අනිත් අය කවුරුත් මාලිගාවේ නොමැති නිසා. ජිමින්‍ට ඇතුලට යන්න විදිහක් නොතිබුණ නිසා ආපසු යන්න හිතුවා. ඒත් ඔහු ඊට පෙර මාළිගාව වටා පියබන්න සිතුවා.

ඒ වෙලාවේ ජිමින්ට යම් දෙයක් ඇස් ගැටුණා.

───────────────────────🌟♕

මොකක් වෙන්න පුළුවන් ද ඇස ගැටුනේ ජිමින්ගේ...

◉𝙰𝙽𝙹𝙴𝙻◉ [𝚓𝚒𝚔𝚘𝚘𝚔 |✓]Where stories live. Discover now