♕🌟 19th

309 92 3
                                    

ජිමින් දැක්කා එයා හිටපු කාමරේ. ජිමින්ට හිතුනා එතෙනට ගිහිල්ලා එන්න. ඒ නිසාම ජිමින් ඒ බැල්කනි එකට ආවා. තමන්ගේ පියාපත් අකුලගෙන ජිමින් සද්දයක් නොකර හිමිට කාමරේට ඇතුල් වුණා.කාමරේ තිබුණේ අඩ අදුරේ ගිලිලා.

බැල්කනියෙන් ආව ආලෝකයෙන් විතරයි කාමරය එලිය වෙලා තිබුණේ.ජිමින් හෙමින් හෙමින් කාමරේ ඇතුලට ආවා. ජිමින් ඔළුව එහා මෙහා කරකවමින් වටේම බැලුවා. ඒත් අදුරු ගතිය නිසා කිසිවක් හරියට පෙනුනේ නැහැ.

ජිමින් තව අඩියක් ඇතුලට තියන්න හදන විටම එකවරටම කඩුවක් ජිමින්ගේ බෙල්ලට දික් වුනා.

" තමුන් කවුද? කුමක්ද මෙතන කරන්නේ?..."

ජිමින්ට පුළුවන් වුනා ඒ කටහඩෙන්ම ඒ කවුද කියලා හදුනගන්න. ජිමින්ට එයා දිහා බලන්න ඕන වුනත් බැහැ කඩුව බෙල්ලට එල්ල වෙල්ලා තියෙන නිසා.

හොද හුස්මක් ගතිපු ජිමින්,

" ජේකේ... මේ මන් ජි..."

" ඒන්ජල් ඔයා..."

කඩුව ඉක්මනටම අරන් තමන්ගේ කොපුවට දාලා පැත්තකින් තිබ්බ ජේකේ ජිමින්ට හිතන්නවත් වෙලාවක් නොතිය අතින් අල්ලලා ඇදලා අරන් බිත්තියත් එයත් අතරට හිර කරගත්තා. බැල්කනියෙන් ආව ආලොකේ නිසා ජිමින්ගේ මූණත් ජේකේගේ මුඅණත් දෙන්නට පෙනුනා.

දෙන්නටම ඇහිපිල්ලමක්වත් ගහන්න මතක් වුණේ නැහැ වගේ ඇස් දිහාම බලන් හිටියා. ඒ කළු ඇස් ඒ නිල් ඇස්වලට වචනෙන් නොකිව්ව ලොකු කතාවක් කිව්වා.

දෙන්නට දෙන්නා දෙන්නගේ ඇස් අතර අතරමන් වෙලා වගේ.

" ඒන්ජල්..."

ජේකේ එයාගේ අත හිමිට අරගෙන ගියේ ජිමින්ගේ මූණ ලගට. ජේකේ හිමිට හරිම පරිස්සමට ජිමින්ගේ මූණ ඇල්ලුවේ.

" ඔයා ඇත්තටම මෙතන ඉන්නවද..."

ජිමින් හිමිට ඔළුව උඩ පහල කලේ ඔව් කියන්න. ඒත් එක පාරටම ජේකේ කරපු දේ නිසා ජිමින් පුදුම වෙලා ගියා. ජේකේ ජිමින්ව බදාගත්තා. ඒකත් ගොඩක් තදින්. එයා දාලා යයි කියලා බයෙන් වගේ. ජිමින්ට ආපිට ජේකේව බදාගන්න ඕන වුණා. එයාගෙන් ඈතට යන්න බැරි විදියට.

"ජිමින් මට ඔයාව ගොඩක් මතක් වුණා. ඒන්ජල්..."

ජිමින්ටත් ඒ වගේමයි කියලා ජිමින්ට කියන්න ඕන වුනත් ජිමින් කලේ හිමින් ජේකේගේ පිට පිරිමැදපු එක. ටික වෙලාවක් එහෙම ඉදලා ජේකේ ජිමින්ගෙන් ඈත් වුණා. ජිමින්ගේ තරු ඇස් තාමත් ජේකේ ලග නතර වෙලා තිබුණා.

ඒත් ජිමින්ගේ නිහඩතාව ජෙකේට අපහසුවක් වුණා. ජේකේට හිතුනා එයා කලේ වැරදි කරන්න ඕනි නැති දෙයක් කියලා. ඒ නිසාම එයා ඉක්මනට අනිත් පැත්තට හැරුණා.

" සමාවෙන්න ජිමින්... මන් ඔයාව අපහසුතාවෙකට පත් කලානම්... අනිත් අය කවුරුත් මෙහේ නෑ ජිමින්... ඔයා එයාලව බලන්න නේද ආවේ... මන් හිතන්නේ දැන් ඔයා මෙතනින් ගියා නම් හොදයි..."

ජේකේ එතනින් යන්න හිතාගෙන අඩියක් ඉස්සරහට තිබ්බත් ආයේම එතනම නතරවුණා...

────────────────────────♕🌟

මම් කතාව අදිනවා වගේද රිඩස්...

පොඩ්ඩක් පරක්කු වුනා 🙂

◉𝙰𝙽𝙹𝙴𝙻◉ [𝚓𝚒𝚔𝚘𝚘𝚔 |✓]Where stories live. Discover now