Winter 7❄️🥀

272 70 0
                                    

අනේ ඇති ජන්කුක්...ඕක දැන් නතර කරන්න..අපි යමු දැන්.."

"ඇයි පැනලා යන්න හදන්නේ ටේහ්‍යුන්..ඔයා හැමදාම පැනලා ගියා..අවුරුදු දෙකක්ම...ඇයි ඔයාගේ ඇස් වල කදුලු...හේතුවක් නැද්ද??.."

ඇස් වලින් එකදිගට බේරෙන කදුලු පිහිදානගමන් ටේහ්‍යුන් ඉක්මනින් එතනින් පිටවෙලා යන්න උත්සහ කලේ තවත් ඔහුට කතා කරන්නවත් වචන නොතිබුන නිසා..

"ඉන්න..අහන්න ටේහ්‍යුන්...ඔයාගේ හදවතට දැනෙන දේ කරන්න..ඔයාට මාව දැනෙනවා කියලා මම දන්නවා.."

ජන්කුක් ටේහ්‍යුන්ගේ මුහුන අත් අතරට අරන් ගොඩක් ආදරෙන් කතා කරද්දි තවත් මුකුත් නොකියම ටේහ්‍යුන් ජන්කුක්ගේ පපුවට තුරුල් වුනේ එකදිගට ඇස් වලින් කදුලු ගලද්දි..

"දැන් හරි...මට දැනගන්න ඕන දේවල් මම දැනගත්තා..අපි දැන් යමු.."

ටේහ්‍යුන් බිම බලාගත්තේ ජන්කුක්ගේ වචනත් එක්ක ටිකක් නොසන්සුන් වෙද්දි..

"ම්ම්ම්...එන්නකෝ..නගින්න මගේ පිටට..ටිකක් රෑ වෙලා නිසා සෙනග අඩුයි.."

"අනේ...ඒත්...ම..මට බැහැ.."

"මෙහෙ එන්න සැරයක් කිව්වම.."

ජන්කුක් බලෙන්ම ටේහ්‍යුන්ව පිටේ තියාගත්තේ ලැජ්ජාවෙන් රතුවෙලා ඉන්න ටේහ්‍යුන්ගේ තොල් අතර ලස්සන සිනහවක් ඇදෙද්දි..

"දැන් හොදට නිදාගන්න මගේ ඒන්ජල්..මම"

"මම ලස්සනයිද ජන්කුක්??.."

"ඇ..ඇයි ඔයා එහෙම අහන්නේ??.."

"ඔයා දැන් මට එහෙම කතා කරපු නිසා.."

"ඔයාට ඉක්මනට ඔයාව දකින්න පුලුවන් වෙයි...එතකන් ඉවසන්නකෝ.."

"ඔයාවත් බලන්න පුලුවන් වෙයි.."

ටේහ්‍යුන් ඇහෙන නෑහෙන තරමට කිව්වත් ජන්කුක්ට එය ඇසුන නිසා ඔහුට හිනාගියේ ඉබේටමයි..

"ඔව් මාවත් බලන්න පුලුවන්..."

ජන්කුක් කියද්දි ඔහුට තමන්ව ඇසුන බව තේරුන ටේහ්‍යුන් ලැජ්ජාවෙන් අනිත් පැත්ත හැරිලා ඇස් පියාගත්තා...
ඔහුගේ හුරතල් හැසිරීම නිසා මුහුනේ ඇදුන හිනාවත් එක්කම ජන්කුක් ටේහ්‍යුන්ගේ නලල සිපගත්තේ ගොඩක් ආදරෙන්.."

Winter || TK [ Completed ✔]Where stories live. Discover now