Winter 13❄️🥀

295 69 0
                                    

පාන්දර වීමට ලං වෙලා තිබුනේ ඔහු පැය ගනනක්ම ඇස් වලින් නොනවතින කදුලු බේරෙද්දි කල්පනාවට වැටුන නිසා..

"අතාරින්න එපා කිසිම කෙනෙක්ව..හැමකෙනෙක්ටම දඩුවම් ලැබෙන්න ඕන!.."

පිස්තෝලයක් අතේ තියාගෙන කලු පාට නිල ඇදුමකින් සැරසී සිටි උස මහත පුද්ගලයෙක් අන කරමින් ඉන්න අතරතුර ටේහ්‍යුන් පඩිපෙළ බැහැගෙන කලබලෙන් පහලට ගියේ මුකුත් හිතාගන්න බැරුව..

"මිස් ලින්ඩා..ඒ කියන්නේ සර්ගේ බිරිද මෙතන නීති විරෝධී ව්‍යාපාර කීපයක්ම කරගෙන ගිහින් තියෙනවා...විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය..අපි දන්නවා ටේහියුන් මේ දේවල් වලට සම්බන්ධ නැහැ කියලා...සර් හිටපු තත්වෙත් එක්ක මේ කිසිම දෙයක් ගැන දන්නෙත් නැතුව ඇති කියලා අපි හිතනවා..අපිට හදිසියේ ලැබුන ඔත්තුවක් මේක..ඇත්තටම කනගාටුයි..ඒත් අපිට උදව්වක් විදියට ටික වෙලාවකට පොලීසියට ඇවිත් යන්න කරදරයක් නැත්නම්..."

"හො..හොදයි..මම එන්නම්.."

ටේහ්‍යුන් ඔහුට එකග වෙද්දි ඔහු ආචාරශීලී හිනාවකින් ටේහ්‍යුන්ට සංග්‍රහ කලා..
ඒත් ටේහ්‍යුන් තාමත් ඉන්නේ කම්පනයකින් වගේම ලොකු වේදනාවකින්..ඔහුගේ ජීවිතය මේ තරම් පිලිකුල් සහගත බව ටේහ්‍යුන් හීනෙකින්වත් බලාපොරොත්තු වුනේ නැහැ..

සැහැල්ලු ඇදුමකින් තමන්ගේ නිරුවත වසාගෙන පොලිස් කාන්තාවන් දෙදෙනෙක්ට මැදිව යන තමන්ගේ බිරිදව දැක්කම ටේහ්‍යුන් අහක බලාගත්තේ ලොකු කලකිරීමකින්...

"ඔයාට පේනවා කියන්නේ හැමදේම ඔයා දකින්නත් ඇති...මට සමාවෙන්න ටේහ්‍යුන්.."

ලින්ඩා කිව්වේ සිහින් හඩකින් බිම බලාගෙන...ටේහ්‍යුන්ට ඇයගේ ඇස් වල පසුතැවීමක් දකින්න ලැබුනත් ඔහු තවත් ඇයව විශ්වාස කරන්න අකමැති වුනා.

"මට තවත් ඔයාගේ මූනවත් බලන්න ඕන නැහැ ලින්ඩා..හැමදාම මාව රැවැට්ටුවද එතකොට??.."

බොදවී ගිය දෑස් එක්කම බිදුනු හඩකින් ටේහ්‍යුන් ඇහුවේ වේදනාවත්, පසුතැවීමත් කලකිරීමත් එකතු වුන හැගීමකින්..ඇය නිහඩවම බිම බලාගෙන ජීප් එකට නගින දිහා ටේහියුන් බලාගෙන හිටියා හැගීමක් නැතුවම..

Winter || TK [ Completed ✔]Where stories live. Discover now