Winter 8❄️🥀

272 69 0
                                    

කාලය ගතවුනේ හැමදෙයක්ම ටිකෙන් ටික වෙනස් කරමින්...
හිමෙන් වැසී ගිය මාපල් ගහක් යට තිබුන කුඩා බංකුවක වාඩී වී උනු කෝපි එකක් බොනගමන් කල්පනා ලෝකෙක ඉදපු ජන්කුක්ගේ තොල් අතර රැදුන ලස්සන සිනහවත් සමග ඔහුට ටේහ්‍යුන්ව මතක් කලේ ඔහුගේ හදවත ආදරය පිරුන හැගීම් වලින් පිරිලා යද්දි..

"පොඩි මහත්තයට ටිකක් සනීප නැහැ වගේ...මැඩම් ගෙදර නැති නිසා ම.."

"ඔ..ඔයා යන්න...මම බලන්නම්..."

ජන්කුක් ගොඩක් කලබලෙන් ටේහ්‍යුන් ලගට ගියේ ගෙදර තවත් වැඩ කරන මැදි වයසේ කාන්තාවගෙන් ටේහියුන් අසනීපෙන් බව දැනගන්න ලැබුන නිසා..
ජන්කුක් යද්දිත් ඔහුට හොදටම නින්ද ගිහින් තිබුන නිසා ටික වෙලාවක් ඔහුව තමන්ගේ උනුහුමට තුරුල් කරගෙන ඉදලා ජන්කුක් යන්න ගියේ ටේහ්‍යුන්ගේ නලලට කෙටි හාදුවක් තියලා..

ඒත් මේ හැමදෙයක්ම තවත් කෙනෙක් බලන් හිටියේ කේන්තියෙන් අත් මිට මොලවමින්..

"ජන්කුක්.."

"මැඩම්.."

"මම ටේහ්‍යුන්ගේ බිරිද...ඒක මම සැරින් සැරේ මතක් කරන්න ඕනද??"
ඇයගේ වචන ඔහුව පුදුම කලත් තව දුරටත් කිසිම දෙයක් ඉවසන්න ඕන කියලා ජන්කුක්ට හිතුනේ නැහැ..ඔහු ඇස් තදින් පියාගෙනම ලොකු සුසුමක් පිටකලේ සන්සුන් වෙන්න උත්සාහ කරමින්..

"මම ඒක දන්නවා..ඔයාටයි ඒක නිතරම අමතක වෙන්නේ...ඔයාගේ හැසිරීම එයා කවදහරි දැනගත්ත දවසක එයත් අනිවාරෙන්ම අමතක කරයි ඔයා එයාගේ බිරිඳ කියලා.."
ඇය ජන්කුක් දිහා බැලුවේ පුදුමයෙන් වගේම කෝපයෙන් රතු වුන ඇස් වලින්..

"තමුන්ගේ සීමාවේ ඉදගෙන කතා කරනවා ජන්කුක්..මං දැන් ඒකත් මතක් කරන්න ඕනද??"

"ඇත්තටම ඔයාගෙන් එයාට මොනවද මෙච්චර කල් ලැබුනේ...වේදනාවක් විතරයි..මම හැමදාම ඒ වේදනාව එයාගේ ඇස් වලින් දැක්කා.."
ජන්කුක්ගේ වචන ඇයගේ ආවේගය තවත් වැඩිකලා..

Winter || TK [ Completed ✔]Where stories live. Discover now