Winter 14❄️🥀

294 68 0
                                    

හැමදෙයක්ම අවසානයේ ටේහ්‍යුන්ගේ හදවත කෑලී වලට කැඩිලා විසිරිලා ගියේ විශාල වේදනාවක් ඉතුරු කරමින්..කාලය දින මාස වෙමින් ගෙවිලා ගියත් ඒ වේදනාව එහෙම්මමයි..

හිම මත එහෙ මෙහෙ දුවමින් සෙල්ලම් කරන කුඩා දරුවන්ගේ හිනා හඩවල් අතරින් ඔහු ඔහේ ඇවිදගෙන ගියේ සීතලට ගල් වුන සිනිදු කම්මුල් දිගේ කදුලු කැට එකින් එක කඩාගෙන වැටෙද්දි..

පාලුවට ගිය ලොකු මාපල් ගහක් යට හැමදෙයක්ම මතක් කරගෙන ඉදපු ටේහ්‍යුන්ගේ ඉන වටේ ශක්තිමත් අත් දෙකක් එතුනේ ඔහු තරමක් නොසන්සුන් වෙද්දි වගේම ඔහුට හෙලෙවෙන්නවත් බැරි විදියට..ඔහු එකපාරටම කලබල වුනත් ඒ පුරුදු උනුහුම අදුරගන්න ටේහ්‍යුන්ට ගතවුනේ එක් නිමේෂයක් විතරමයි..

ශක්තිමත් දෑත් තවත් ඔහුව තදින් ඒ උනුහුමට තුරුල් කරගත්තේ ටේහ්‍යුන් මෙතරම් වෙලාවක් හිරකරන් ඉදපු වේදනාව කදුලු වලින් පිටකරද්දි...

"අඩන්න එපා...ඔයා තනිවෙලා නැහැ ඒන්ජල්.."

ජන්කුක්ව පලවෙනි වතාවට දැකපු ටේහ්‍යුන්ට ඔහුගේ හුරතල් හිනාව වගේම කඩවසම් බව දරාගන්න බැරි වෙද්දි ඔහුට නොදැනිම ඔහුගේ කම්මුල් රතු වෙලා ගියා...ජන්කුක්ගේ කොලපාටට හුරු ඇස් දකිද්දි ඔහු හැගීම් ගොඩක අතරමං වුනේ නොදැනුවත්වම ඔහුගේ හදගැස්ම තවත් වේගවත් වෙද්දි...

"ජ..ජන්කුක්...ඔයා"

"මම කොහොමද එහෙම ඔයාව දාලා යන්නෙ..මගේ හදවත තියෙන්නේ ඔයා ලග..මට ඕන වුනේ හැමදෙයක්ම ඔයාගේ ඇස් වලින් දකින්න විතරයි ටේහියුන්.."

ජන්කුක් ටේහ්‍යුන්ව පපුවට තුරුල් කරගත්තේ ගොඩක් ආදරෙන් වගේම ටේහ්‍යුන් ගැන ලොකු දුකක් දැනෙද්දි...ටේහ්‍යුන්ගේ වේදනාව ජන්කුක්ට හොදටම දැනුනා..

ඔයා දන්නවද ජන්කුක්.."

"මම දන්නවා..හැමදේම දන්නවා වගේම අවුරුදු දෙකක් මම ඒ දේවල් ඇස් දෙකටම දැක්කා..ඔයා වෙනුවෙන් අමාරුවෙන් මට ඔයාගේ ලගින් ඉන්න වුනා ටේහ්‍යුන්...ඒ වගේ තැනක මට ඔයාව තනිකරලා දාලා යන්න බැහැ කවදාවත්...මට යන්න වෙන නිසා ඔයාට මේ හැමදෙයක්ම පෙන්නන විතරමයි මට ඕන වුනේ..ඒක ඔයාට ගොඩක් රිදෙන්න ඇති..ඒත් මට ඕන වුනේ නැහැ ඔයා මේ හැමදෙයක්ම දැනගෙනත් තවත් ඒ වගේ මිනිස්සු ලග ඔයාව තියන්න..මට එච්චරයි කරන්න පුලුවන් වුනේ..."
ජන්කුක්ගේ හිතට දැනුන ආවේගය ඔහු දෑස් පියාගෙන ලොකු සුසුමක් හෙලමින් පාලනය කරගන්න උත්සාහ කලා..

Winter || TK [ Completed ✔]Where stories live. Discover now