Winter 12❄️🥀

279 70 0
                                    

තමන්ගෙම බිරිද වගේම තවත් කාන්තාවන් එක එක වයස්වල පිරිමින් සමග එකට හැසිරෙන විදිය දැක්කම ටේහ්‍යුන්ට තමන් ගැනම ඇතිවුනේ කලකිරීමක්..හැම ගැහැනු කෙනෙක්ම වගේ
ඇදගෙන හිටියේ ශරීරය හොදින් පෙනෙන අශීලාචාර ඇදුම් වගේම ඔවුන්ගේ හැසිරීමත් ඒ වගේම වුනා..

හැමදාමත් ජන්කුක් ඔහුත් සමග එන්නෙ නැති හේතුව ටේහියුන්ට තේරුම් ගියා...ජන්කුක් මොනතරම් ආදරණීය කෙනෙක්ද කියලා ටේහ්‍යුන්ට මතක් වුනේ කම්මුල් දිගේ කදුලු කඩාගෙන වැටෙද්දි...

තමන්ගේ බිරිද වුනත් ඇය ඇත්තටම සිදු කරන්නේ නීතී විරෝධී දෙයක් වගේම තවත් මේ වගේ තැනක ඉන්න එකත් ටේහ්‍යුන්ට පිලිකුල් සහගත වුනා..

"මේවා බලන්නද ඔයා මාව සනීප කලේ ජන්කුක්..මට බැහැ තවත් මෙතන ඉන්න..ඇයි මාව දාලා ගියේ??.."

ටේහ්‍යුන් කදුලු අතරින්ම හෙමීට මිමිණුවා..කාමරයේ ඇද උඩ ඉදන් වේදනාවෙන් පැය ගනනක් අඩපු ඔහුට නින්ද ඔහු ලගටවත් ආවේ නැති නිසාම එලියට යන්න ගිය ටේහ්‍යුන් එකපාරටම නතර වුනේ තවත් කාමරයකින් ඔහුට ඇසුන අමුතු හඩවල් නිසයි...

දෙපාරක් නොහිත යන්තම් කාමරයේ දොර ඇරපු ඔහු එතනම ගල් වුනේ ඔහුගේම බිරිද තවත් මැදි වයසේ පිරිමින් දෙදෙනෙක් එක්ක අඩ නිරුවතින් විනෝද වෙන විදිය දකිද්දි..

හැසිරීමෙන් වගේම කතා විලාසෙන් ඔවුන් මත් වී ඉන්න බව ටේහ්‍යුන් දැක්කා..තවත් එතන ඉන්න අපහසුවක් දැනෙද්දි ඔහු එතනින් යන්න ගියත් ලින්ඩා ඔහු ලගට ආවේ සම්පූර්ණයෙන්ම නිරුවත් වෙමින්...

"ටේහ්‍යුන්...අනේ මගේ පන..බලන්න ඔයාගේ ලස්සන...ඉතිං ඔයාව අර ජ..ජන්කුක්ට දෙනවද මම ආ..කොහෙන් ආපු හයියක්ද එයාට..හැදියාවක් නැති වැඩකාර කොල්ලා..එන්න අපි විනෝද වෙමු පැටියෝ!!.."

"අල්ලන්න එපා මාව!..හැදියාවක් නැත්තේ ඔයාගෙයි ලින්ඩා..මගේ ලගටවත් එන්න එපා..මට අප්පිරියයි ඔයාව..."

ටේහ්‍යුන් ඇයව තල්ලු කරලා එතනින් ඉක්මනට යන්න ගියා.. ඔහුගේ ඇස් වල කදුලු පිරුනේ හැමදෙයක් ගැනම කලකිරීමකින් වගේම පසුතැවීමකින්...

පැය ගනනක් ගෙවිලා යද්දි පහලින් ඇසුන කලබලකාරී හඩවල් නිසා ටේහියුන් හිතේ බයක් ඇතිවෙද්දි මුලු වටපිටාවම නොසන්සුන් වෙලා ගියා...

Winter || TK [ Completed ✔]Where stories live. Discover now