episode 3

284 36 13
                                    

Ahinsa pov:

ඇයි දෙවියනේ මටම මෙහෙම වෙන්නේ?? මම මොකක්ද කරපු අකුසලේ.....

අනේ ඇයි කාටවත් මගේ දුක තේරෙන්නේ නැත්තේ???

ඇයි කව්රුත් කාගෙවත් බලාපොරොත්තු එහෙම කඩන්නේ....මමත් මනුස්සයෙක් දෙය්යනේ...මටත් හැගීම් දැනීම් තියෙනවා...කොච්චර දේවල් ගැන බලාපොරොත්තු තියාගත්තත්...ඒව එක මොහොතෙම කැඩෙන්න යන්න හරි පොඩි වෙලාවයි....

අය්යෝ...මම රස්සාවක් ගැන මෙච්චර බලාපොරොත්තු තියාගත්තත් වැඩක් උනේ නෑ...දැන් මොකද කරන්නේ? කොහොමද මේ ගැන මම අම්මට කියන්නේ...

අහසේ මාලිගා තැනුවා කියන්නේ මේකට තමයි....

මම ගෙදර ලගට ආවත් ඇතුලට යන්න හිත දුන්නේ නෑ.....

ඒත් එක්කම මම දැක්කෙ අම්මා අඩාගෙන එළියට එනවා....මාව දැක්කා විතරයි අම්මා මාව බදාගෙන අඩන්න ගත්තා...

"අනේ...ම..මගේ රත්තරං පුතේ"

අම්මා අඩනකොට මටත් ඇඩෙන්න වගේ...අම්මාගේ ඒ කදුලු මට දරාගන්න අමාරුයි

"මො...මොකද උනේ අම්මෙ....ඇයි මේ?

මම කලබලයෙන් ඇහුවා

"අනේ...පු..පුතේ....තා...තා...ත්තව..පොලිසි අරං ගියා පුතේ"!!!!!!
...........................................................................

මගේ ඔලුවට හෙනයක් ගැහුවා වගේ දැනුනේ...මම කොච්චර අවාසනාවන්ත කෙනෙක්ද......ඇයි දෙවියෝ අපිටම මෙහෙම කරන්නේ???

තාත්තට මම කොච්චර වෛර කරත්...එයා මගේ තාත්තා

මම කෙලින්ම ගියේ ගමෙ පොලිස් ස්ථානයට....

මම දුවගෙන ඒකෙ ඇතුලට යන්න හැදුවත් පොලීසියෙම අංකල්ලා කිහිප දෙනෙක් මාව අල්ලගත්තා....

"අනේ සර්...මගේ තාත්තා...එයා එයා...මට එයාව බලන්න ඕනේ සර්"

මම මහ හඩින් අඩන්න ගත්තා

මම දැක්කා තාත්තාව මාංචු දාලා ඉන්නවා..මට එයා ලගට යන්න ඕනේ මොනා කලත් එයා මගේ තාත්තා

ඒත් මට යන්න දුන්නේ නෑ ඒ පොලිසියේ මාමල....

"පුතාගේ තාත්තද ඒ"

තරුණ පොලිසියේ මාම කෙනෙක් මගෙන් කරුනාවෙන් ඇහුවා

"ඔව් සර්...අනේ ස...සර් තාත්තා ඇයි එහෙම ?? මොකක්ද සර් තාත්තා කරේ"

අහිංස 🤗 | zhanyi sinhala bl love ( Completed )Where stories live. Discover now