episode 10

233 31 9
                                    

Ahinsa pov:

" පුතා....මම යනවා...දොර ලොක් කරගෙන ඉන්න හරිද?"

" හරී අම්මේ"

අම්මා මේ යන්නේ එයාගේ යාලුවෙක්ගේ උපන්දින පාටියකට...මටත් ආරාධනා කරලා තිබ්බත් ඉස්කෝලේ වැඩ ගොඩ ගැහිලා තිබ්බ නිසා මම ඒක ප්‍රතික්ෂේප කරා...

අම්මා ගියාට පස්සේ මම ඉස්කෝලේන් දුන්න වැඩ ටික කරා...

දන්නෙම නැතුව වෙලාව ගිහින්

රෑ 9:30යි...අම්මා තාම නෑ...එද්දි පරක්කු වෙයි....

එතකොටම මට ඇහුනේ අමුතු සද්දයක්

ඒක හරියට දොරක් අරින වහින සද්දයක් වගේ

මට ඇත්තටම දැඩි බයක් දැනුනා...

කව්රුහරි ගෙදරට ඇවිල්ලවද්ද???

හොරෙක්???

මට බඩු පෙරලෙන සද්ද පවා ඇහෙන්න ගත්තා

කරන්නේ මොනාද කියලා මට හිතාගන්න බැරි උනා

දෙය්යනේ අඩි සද්දයක්

ඒකත් මගේ කාමරේට එන...

මම එහෙම්ම ඇදුම් අල්මාරියේ හැංගුනා..

මගේ හදවත බයෙන් ගැහෙන්න ගත්තා

වෙලාවට කාමරේ දොර ලොක් කරලා තිබ්බේ.

අගුල අරින්න වගේ හදනවා...අනේ මට බයයි
එතකොටම මට මතක් උනේ රුවේන් සර්ව...

මගේ අතේ ෆෝන් එක තිබ්බා....

මම කෙලින්ම එයාට කෝල් එකක් ගත්තා

" හෙලෝ"

"..හෙ...හෙලෝ රු...වේන්"

" අහිංස?? මොකද උනේ ළමයෝ"

" අ...නේ මට බයයි...රුවේන්..කව්රුහරි මගේ ගෙදර ඉන්නවා...මාව බේරගන්න රුවේන්

මම අඩ අඩ කිව්වා...

" අහිංස කලබල වෙන්න එපා..මම එනගමම් ඉන්නේ...හැංගිලා ඉන්න තැනේ ඔයා ඔහොමම ඉන්න...සද්ද කරන්නේ නැතුව ඉන්න හරිද??

" හ...රි..අනේ ඉක්මනින් එන්න..."

කියලා කටගන්න හම්බුනේ නෑ එකපාරටම දොර කඩාගෙන කව්දෝ කෙනෙක් මගේ කාමරේට ආවා...ඒක දැකපු මට බයටම කෙල ගිලුනා....

අහිංස 🤗 | zhanyi sinhala bl love ( Completed )Where stories live. Discover now