ඔව්.....මගේ ජීවිතය මොකක්ද ?? අනේ මං දන්නේ නෑ....
මට මේ ලෝකේ කව්රුත් ආදරය කරන්නේ නෑ....
කරපු අයත් දැන් මේ ලෝකේ නෑ....
දෙවියන්ටත් මාව නුරුස්සන්නැති...ඒකනේ මගේ රත්තරං අම්මව මගෙන් උදුර ගත්තේ..........දැන් මට කියලා කව්ද ඉන්නේ???
මං එනකම් බලං ඉන්න මගේ අම්මා
අවුරුදු 12ක් මං හිංදා දුක් විදපු මගේ අම්මා
මගේ කුස පුරවන්න කුසගින්නේ හිටපු මගේ අම්මා
මට නොසැහෙන්න ආදරය කරපු මගේ රත්තරං අම්මා
ජීවිතයේ තේරුම කියලා දුන්න මගේ දෙවැනි බුදුන් අම්මා.....
..........මගේ ඇස් ඉස්සරහ එල්ලිලා............
...........................................................................
Ruwen pov:
මම හිටියේ මගේ වයිෆ් එක්ක කෝල් එකක....ඇය සති 2ක ගැබිනියක්...මම තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ...මට කියාගන්න බැරි තරම් සතුටුයි......අන්තීමේදි මගේ සිහිනය සැබෑ උනා...
"සර්..මං කිව්වේ බන් මේ"
මගේ partner නැත්නම් මගේ යාලුවා....එයා රාජකාරි වෙලාවේ සර් කිව්වත් කව්රුත් නැති වෙලාවේ මට කතා කරේ බං බොලං ගාලා
රොශේන් භාශිත
"කියහං" මම කිව්වෙ කෝල් එකක කට් කරන ගමන්...ඌ හිටියේ තරමක් කලබලයෙන්
" මේ...අර කොල්ලව මතකද"
"මොන?"
"අරූ බං...අර අද උදේ වගේ මෙහෙට ආවේ...උගේ තාත්තා අර කූඩුවේ ලැගලා ඉන්නේ"
එතකොට මට මතක් උනේ අර රස්සාවක් හොයාගන්න ආපු පොඩි කොල්ලව
"ආ මට මතකයි...ඉතින් "
YOU ARE READING
අහිංස 🤗 | zhanyi sinhala bl love ( Completed )
Romanceවස්තුව මට ආදරය කරන්න අවසරද?~ අපි යාලුවෝ විතරයි~ මට සමාවෙන්න...අපි දෙන්නා හරියට අහසයි පොළවයි වගේ...ගැලපෙන්නේ නෑ නේද??~