මාස 3කට පසු,
කාලය ඉක්මනින් ගත උනා
" අඩෝ කවී...යමං බන් අහිංස මොකෝ කියන්නේ....ලයිබ්‍රි එක පැත්තට පොඩ්ඩක් යමුද?"
අපිට තිබ්බෙ general english ඒත් ඒක free හිංදා අපි හිතුවේ පුස්තකාලය පැත්තට යන්න.
මම දෙයක් කියන්නද??
සමහරවිට ඔයාලා මේක මගෙන් බලාපොරොත්තු වෙන්නැති...ඔව්...මේක මට කියන්න ඕනේ...හිතේ හිරකරගෙන ඉන්න බෑ...
මම පොඩි ළමයෙක් නෙමෙයි ඕවා නොතේරෙන්න....
මම රුවේන්ට කැමති
ඒක සෙල්ලමක් නෙමෙයි
මම දන්නවා රුවේන් මට වඩා ගොඩාක් වැඩිමල් කියලා
ඒත් මට අදාල නෑ.....
මට වඩා අවුරුදු 27ක් වැඩිමල්
කමක් නෑ....එයා අකමැති උනත් අද නම් මම එයාට මගේ හැගීම කියනවා..
එයා මාව ප්‍රතික්ෂේප කරයි...කමක් නෑ මම කියනවා.
ආරංචි හැටියට මීට සති ගානකට කලින් එයාගේ වයිෆ් එක්ක එයා ඩිවෝස් වෙලා... එයා ඉන්නේ ළමයත් එක්ක තනියෙන්...මම හැමවෙලේම එයාව බලන්න ඒ ගෙදර ගියා...ඒ පොඩි කෙල්ල හරිම හුරතල්
ඒ කෙල්ල තමන්ගේ අම්මට පොඩ්ඩක්වත් කැමති උනේ නෑ කියලා රුවේන් මට කිව්වා
ඒත් එය මට පුදුම විදිහට ලං උනා...
රුවේන් සමහර වෙලාවට මට එක එක ඉගි එහෙම දුන්න...ඒ එයාට මං ගැන හැගීමක් තියනවා කියලා පෙන්නන්න
මට සතුටුයි...එයාත් මට කැමති නම්...අද රුවේන් පුස්තකාලයට ඇවිල්ලා කියලා මට ආරංචි උනා...හැමවෙලේම දෛවය පුදුම විදිහට අපිව මූණට මූණ මීට් කරවනවා...
රුවේන් ලග මගේ හිත සන්සුන්
එයාට මම always straight කිව්වට...දැන් මගේ හිත තියෙන්නේ කොල්ලෙක් ලග...
අපි පුස්තකාලයට යද්දි රුවේන් හිටියේ කෝල් එකක...එයා හිටියේ නොසන්සුන්ව...
මම ඇස් වලින් දෙයක් යාලුවන්ට පෙන්නුවම ඒ දෙ තේරුන උන් ඔලුව වැනුවා
" රුවේන් "
මම කතා කරද්දි එයා ගැස්සිලා මම දිහා බැලුවා
YOU ARE READING
අහිංස 🤗 | zhanyi sinhala bl love ( Completed )
Romanceවස්තුව මට ආදරය කරන්න අවසරද?~ අපි යාලුවෝ විතරයි~ මට සමාවෙන්න...අපි දෙන්නා හරියට අහසයි පොළවයි වගේ...ගැලපෙන්නේ නෑ නේද??~