අය්යෝ සාමි 🥲

262 35 11
                                    

අහිංස pov:

අවුරුදු 6කට පස්සේ....එයාව හම්බුනා...මම දකින්න ආස නැති ඒත් දැක්කම ආස හිතෙන ඔහුව.....

එයා හිංදයි මට මගේ පවුලම නැති උනේ....

එයාගේ හිතුවක්කාරකම හිංදා....

නෑ නෑ...එයාට බනින්නේ ඇයි

එදා කරේ එයාගේ ජොබ් එකනේ...

මට තේරෙන්නේ නෑ...

අද එයාව දකිද්දි මට දැනුනේ හරි අමුතු සතුටක්

මම ගෙදර ඇවිත් ඇදට පැන්නේ ඒ ගැනම හිතමින්...

............................................................................

"පුතා....පුතා...."

"හ්ම්ම්ම්ම්ම්ම්"

"අය්යෝ මා පුතා....ඉක්මනින් ලෑස්ති වෙයංකෝ "

"හ්ම්ම්ම්ම්...මො..මොකටද අම්මේ"

මම හිටියේ නිදිමර ගාතේ.......

"අය්යෝ පුතා....අද අපේ ගෙදරට එනව කිව්ව අය අන්න එන ගමන්ලු...."

"ක...කව්රු??"

"අය්යෝ...පුතේ...ඊයේ රෑ මං කිව්වේ...මගේ ඉස්කෝලේ කාලේ ඉදන්ම හිටපු යාලුවයි එයාගේ හස්බන්ඩුයි..තව එයාලගේ කෙලි පැටික්කියි එනව කිව්වෙ"

ආ...දැන්නේ මතක් උනේ.....අම්මාගේ ඉස්කෝලේ කාලේ යාලුවයි...එයාගේ පවුලයි...

නායිස් වෙරි නායිස්....

දැන් ඉතින් පලයංකෝ ලෑස්ති වෙන්න...මදැයි යසට නිදාගන්න හදපු කාලේ....

අම්මා දඩි බිඩියේ මුළු ගේම අස්කරල....කෑමත් හදලා.....

එතකොට මට ඇහුනේ වාහනය එන සද්දයක්....

අම්මා ගියා එයාලව පිලිගන්න

මම ඉතින් පැත්තට වෙලා හිටියා.....

මුලින්ම ඇතුලට ආවේ ලස්සන කාන්තාවක්

ඉන්න...එයාව පොඩ්ඩක් දැකලා පුරුදුයි

ඊට පස්සේ ආවෙ.......................................................................................................................................




















................රුවේන්..........................🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯

.............................................................

අහිංස 🤗 | zhanyi sinhala bl love ( Completed )Where stories live. Discover now