🌼🌟Part 27🌟🌼

564 99 31
                                    

අතරේ හැරී එයාගේ Vampire දත් ජීයුන් ගේ බෙල්ල ලගටම ලං කරා...

තමන් Gගේ ඇස් දෙක තදින් පියාගෙන හිටපු ජීයුන් ඒක දැක්කේ නැහැ.... හැරී ගේ දත් බෙල්ලට ලං කරනවත් එක්කම පිට වෙච්ච හුස්ම ජීයුන් ගේ බෙල්ලේ වැදුනා.. සැනේකින් ඇස් ඇරපු ජීයුන් පුළුවන් තරම් හයියෙන් හැරී ව තල්ලු කරා... බලාපොරොත්තු නොවිච්ච තල්ලු කිරීම නිසා හැරී ට ජීයුන් ව අත ඇරිය... අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තු ජීයුන් ඉක්මනින් දිව්වේ Jung kook ළගට...

ජීයු : Jung kook...අනේ ඔයා හොදින්ද... ඉන්න මන් ඔයාව ලෙහන්නම්...

Jk : ජීයුන් මෙයා මට මොකුත් කරන්නේ නැහැ බය නොවි ඉක්මනට මෙතනින් දුවන්න...අනේ යන්න ජීයුන්... මට ඔයාව නැති කරගන්න බැ...

Jk කොච්චර කිව්වත් එයාව එතන දාල යන්න ජීයුන් ගේ හිත දුන්නේ නැහැ.........කොහොම හරි jung kook ව ගැට ගහල තිබ්බ ලනුව බුරුල් කරගන්න ජීයුන් ට පුළුවන් උනා....

ඒත් පරක්කු වැඩි හැරී ආයෙමත් ජීයුන් ළගට ඇවිල්ල ජීයුන් ගේ කොන්ඩෙන් අල්ලලා Jung kook ගෙන් ඈත් කරා....ජීයුන් ව තදින් අල්ල ගත්ත හැරී ආයෙමත් එයාගේ දත් ජීයුන් ගේ බෙල්ලට පහත් කරා ඒ වෙලාවේ ජීයුන් ට වත් Jung kook ට වත් කිසිම අවස්ථාවක් ලැබුනේ නැහැ... හැරී ගේ විසකුරු දත් ජීයුන් ගේ බෙල්ලට කිදා බහිනවත් එක්කම ජීයුන් හයියෙන් කෑ ගැහුවා........ කොච්චර දැගලුවත් හැරී ගෙන් ජීයු ට ගැලවීමක් තිබ්බේ නැහැ......

ජීයුන් කෑ ගහනවත් එක්කම Jung kook එයාව ගැට ගහල තිබ්බ ලනුව කඩා ගත්ත....එක තප්පරෙන් හැරී ගේ ඇගට පැන්නේ එයාගෙන් ජීයුන් ව බේරගන්න.....ඒත් හැරී ජීයුන් ව තදින් අල්ලන් හිටපු නිසා එයා එක්කම ජීයු ත් බීම ඇදගෙන වැටුන........

Jk : උබ අද මගෙන් බේරිලා යන්නේ නෑ... උබ මැරෙන්නේ අද මගේ අත් දෙකෙන්......

හැරී ජීයුන් ට කරදර කරපු Jung kook ගේ හිතේ තිබ්බ කේන්තියට හැරී ව මරන්න දැගලුව මිසක් ජීයුන් ගැන බලන්න jung kook ට අමතක උනා..... හැරී ගේ දත් පාර නිසා ජීයුන් ට හොදටම අමාරු උනා... ඒ විතරක් නෙවෙයි ජීයුන් ගේ බෙල්ලෙන් හොදටම ලේ ගලන්න ගත්ත....එයා අත් දෙක බිමට තියලා අමාරුවෙන් නැගිට්ට...

❤ Still With You ❤ [Completed ]Where stories live. Discover now