🎯5

296 88 1
                                    

පසුදින උදෑසන සිටම මාලිගාවෙ යම් කලබලකාරී ස්වභාවයක් දක්නට ලැබුනා.
ඒ ටේහ්‍යුන් නිසාවෙන්.

ජිමින් ඔහුට පෙරදින රාත්‍රියේ ආරාධනාවක් කලේ අද දහවල් නගර සංචාරයක් සදහායි.
ටේහ්‍යුන් ඊට එක හෙලාම කැමැත්ත පල කලත් ඔහු හොදාකාරවම දැන සිටියා බෝගම් නම් ඊට අවසර නොදෙන බව.
ඉතින් ටේහ්‍යුන් තීරණය කලා ඔහුගෙ අහින්සකකම ප්‍රයෝජනයට ගන්න.

ඔහු බෝගම් කුමරු ඉදිරියේ සුරතල් වදන් හා සුරතල් ක්‍රියා පාමින් අසරණ බෝගම් ව තමන්ගෙ උගුලට හසු කරගත්තා.

අවසානයේ ආදරෙන් අන්ද වී සිටි බෝගම් ටේහ්‍යුන් ට නගර සංචාරය සදහා අවසර දෙන්නෙ ෂෙරිෆ් සමග තවත් සෙබලුන් ද ආරක්ශාව සදහා රැගෙන යන බවට පොරොන්දු කරගනිමින්.

දහවල උදා වුනා.
ජිමින් ජන්කුක් පැවසූ පරිදිම කුමරුව නගර සංචාරය සදහා රැගෙන ගියේ ෂෙරිෆ් ගේ කරදරකාරි ආරක්ශාව මධ්‍යේය.

🐥කුමරුනි.ඇසෙනව නොවෙද ඔබට.නගරවාසින් නිතරම කතා බහ වනුයේ රොබින් හුඩ් පිලිබද ගුන මිසක අගුන පිලිබද නොවේ

ජිමින් පැවසුවේ මවාගත් ආඩම්බරයකින්.

🐯ම්ම් වැටහෙනවා මා හට ජිමින්.නමුත් මා නැවතත් පවසනවා.අනුමත කරන්නෙ නැහැ මා සොරකම නම්.

කුමරු ජිමින්ට ගස්සාගෙන අසල තිබූ පලතුරු කඩයක් දෙසට දුව යන්න වුනා.

🐥අනේ මේ උද්දච්ච හුරතලේ නම්

ජිමින් කුමරු පසුපසින් දිව යන ගමන් සිතුවා.

🐯ජිමිනී මේ බලන්නකෝ.මේ ඇපල්.ඒව හරිම රතු පාටයි..ඕඕ බලන්නකෝ මේ ස්ට්‍රෝබෙරි.අනේ..ඒව හරිම රස පාට ඇති.

👵ඔබට අවශ්‍ය නම් ඒව අනුභව කරන්න සුන්දර කුමරුවනි.මා ඔබෙන් ඊට අය කරන්නෙ නැහැ.

වෙලදසැලේ හිමිකාරිනිය එසේ පවසද්දී ටේහ්‍යුන් කුමරු දිලිසෙන දෑසින් ස්ට්‍රෝබෙරි අහුරක්ම ගෙන මුව තුලට ඔබා ගත්තෙ සුරතල් සිනාවක් පාමින්.

නමුත් ටේහ්‍යුන් කුමරු දැන සිටියේ නැහැ පලතුරු වෙලෙදසැලට එහායින් සිටි තවත් අයෙකු ඒ සුන්දර මොහොත රස විදින බව.

වෙන කවුරුද ඉතින් ඒ රොබින් හුඩ් මිසක.

🐰යුන්ගියා.බලන්නකො පුන්චි ලමයෙක් වාගෙ සිනහ වෙවි ස්ට්‍රෝබෙරි කන විදිහ.මට අල්ලගෙන මගේ සාක්කුවෙ දාගන්න හිතයි.

🐱ඒයි ඒයි.ආව කාරනේ ගැන අවධානය දෙනව මෝඩයෝ.හුරතල් කරන්න පුලුවන් පස්සෙ.

ජන්කුක් ගෙ ප්‍රේම පලහිලව්ව නිසා නිතරම නෝක්කාඩුවෙන් සිටින යුන්ගි කිවේ ජන්කුක් ගෙ අවධානය ගිලිහෙන බව ඉවෙන් වගේ වැටහුනු නිසයි.

🐰හරි හරි.මම ඉන්නෙ හොද අවදානෙන්.මගෙ කුමරුනී එහෙනන් ලෑස්ති වෙන්න....යුන්ගියා ඔයා සෙබලුන්ගෙන් අඩකගෙ අවදානය ඔයාට ගන්න ඕනෙ තේරුනානේ.ඉතිරිය මන් කරන්නම්.ඒ වගේම අපේ කට්ටියට කියන්න කුමාරයාට සීරීමක්වත් වෙන්න බෑ කියල.

🐱හරි තේරුනා.එහෙනන් සුභ පැතුම් මගේ මිත්‍රයා

යුන්ගි එසේ පවසා තම දෑතේ හිරි අරිමින් මුර සෙබලු වෙත ඇවිද ගියා.

🐱ඔහෝ!!! කට්ටිය අද නගර සංචාරයක් ඇවිත් වගේ.ඉතින් සැපසනීප කොහොමද ෂෙරිෆ්

vote,comment plz😊❤️

Denu_Nim

Robin Hood🎯|🐰🐯|Short Story(Completed)✔Waar verhalen tot leven komen. Ontdek het nu