🎯11

280 80 1
                                    

🐯හරි ඉතින් කියන්න මන් අහගෙන ඉන්නෙ

🐰පොඩ්ඩක් ඉන්න!  ඔයාගෙ රාජකීය භාශාව ට මොකද වුනේ

🐯ඇයි ඔයා එක්ක ඉදිද්දී මන් ඔයා කතා කරන විදිහට ම කතා කරන එක ඔයාට අපහසුවක්ද

🐰අපෝ නෑ.මන් කැමතියි

🐯හරී දැන් කියන්නකො.මොකද්ද අහන්නයි කියන්නයි තියෙන්නෙ

🐰ම්ම්.මට අහන්න තියෙන්නෙ මෙන්න මේකයි.එදා මන් ඔයාව අර මංකොල්ලකාරයන්ගෙන් බේරගත්තාට පස්සෙනෙ ඔයා මට ටිකක් හරි කැමති වුනේ.ඉතින් මන් එදා ඔයාව බේර නොගත්තා නම් ඔයා මට ආදරේ කරන්නෙ නැද්ද මගෙ පුන්චි කුමරුනි.

🐯අනේ මන්දා.අපේ දයිවය හමුවෙන්න තියෙන්නෙ මේ විදිහට වෙන්න ඇති.සමහරවිට එදා ඔයා මාව බේරගත්තෙ නැති වුනා නම් ඔයා කිව්ව විදිහට මන් ඔයාට ආදරේ නොකරන්නත් තිබුනා.ඒත් අපි දැන් හමුවෙලා ඉවරයි.අපේ ඉරණම තියෙන්නෙ මේ විදිහට නේ.

🐰ආ.ඔව්.නෑ.ඔව්.ආහ්.මොකක් හරි.කොහොමහරි මගේ කුමාරයා මට ආදරෙයි නේ.ඒ ඇති මට.

එසේ පවසමින් රොබින් හුඩ් නැවතත් ටේහ්‍යුන් ව තමන්ගෙ තුරුලට ගෙන ඔහුව තදින් වැලද ගත්තා.

🐯ම්ම්හ්ම්..එතකොට අර කියන්න තියෙනවා කිව්වෙ?

🐰අහ් ඒක අමතක කරල දාන්න ඒක වැදගත් නෑ.

.......................................

🐯රොබින්න්න්න්

🐰ම්ම්ම්

රොබින් සහ ටේහ්‍යුන් කුමරු සිටියේ ගල් පර්වතයක වැතිරගෙන.ටේහ්‍යුන් රොබින් ගෙ හැඩිදැඩි පපුව මත තම හිස හොවාගෙන එක් අතකින් ඔහුගේ පපුවේ රටා අදින්නට වුනා

🐯මට ඔයා ගැන කියන්න

🐰ම්ම්.මොනාද දැන් මගෙ පුන්චි කුමාරයාට මන් ගැන දැනගන්න ඕනෙ.?

🐯ඔයාගෙ ඇත්ත නමත් රොබින් හුඩ් ද☹️

🐰අහ් නෑ.මට ලස්සන නමක් තියෙනවා.මන් ජොන් ජන්කුක්.

🐯අනේ.ඒ නමට මම ආසයි.හැමෝටම ඔයාව රොබින් හුඩ් වෙද්දි මට විතරක් එහෙනන් ඔයා ජන්කූ වෙන්න.

🐰ජ්-ජන්කූ?

🐯ඔව් ඒක ලස්සනයි නේද🥺

ටේහ්‍යුන් කුමරු හරිම හුරතල් විදිහට එහෙම කියල සිහින් හඩින් හිනාවෙද්දි ජන්කුක් ට දැනුනෙ මුලු ලොවම ඔහු ඉදිරියේ යන හැගීමක්.

🐯ඉතින් මොනවද ඔයාගෙ අනෙක් විස්තර

🐰ජිමින් කියන්නෙ මගෙ සහෝදරයෙක්.මගේම නොවේ.මන් පොඩි කාලෙ ඉදන්ම අසාධාරණයට විරුද්ධව නැගී හිටියා.ඉතින් ඒකෙ ප්‍රතිඵලයක් විදිහට අද මන් මිනිස්සුන්ගෙ ආදරේ දිනාගත්ත,මිනිස්සුන්ට යුක්තිය ඉශ්ට කරන ඔයාගෙ විදිහට කිව්වොත්  නම් මංකොල්ලකාරයෙක් වෙලා ඉන්නෙ.

🐯ඔයා කවුරු වුනත් රටේ පාලකයට වඩා මිනිස්සු ඔයාට කැමතියි.ගරු කරනවා.

🐰ඒකනේ.ඒ නිසා තමයි බෝගම් කුමාරයා වගේ අසාර්ථක,කෑදර පාලකයෙක් අපිට අවශ්‍ය නැත්තෙ
.
.
.
.
.
.
.
.
.
දෙදෙනාගෙ සංවාදය හවස් වරුව වන තෙක්ම ඇදී යද්දි යුන්ගි සහ ජිමින් දෙදෙනාද විල්තෙරට වී උනුසුම් හෝරා කීපයක් ගත කලා.



Vote,Comment & Share plz😊❤️

Denu_Nim

Robin Hood🎯|🐰🐯|Short Story(Completed)✔Where stories live. Discover now