🎯6

289 85 6
                                    

ලිට්ල් ජෝන් එලෙස පවසද්දී සියල්ලෝම ඒ දෙසට හැරුනා.

නගරවාසින් නම් ඔහුට ප්‍රීතිඝෝෂා කරද්දි ෂෙරිෆ් ඔහුගෙ මුරසෙබලුන් ඇමතුවා.

👤ඒ ලිට්ල් ජෝන්ව ඉක්මන් කරල අල්ලගන්නවලා.කුමරු ලග සෙබලු පස් දෙනෙක් ඉදල අනිත් ඔක්කොම ගිහින් ඒ කොල්ලව අල්ලගන්නවලා

ෂෙරිෆ් තරහින් කෑගහද්දි මුර සෙබලුන් ලිට්ල් ජෝන් පසුපස හබා යන්නට වුනා.

මේ අතරෙදි ටේහ්‍යුන් කුමරු නම් සිටියෙ බොහෝම කේන්තියෙන්.ඒ ඔහුගේ නගර සංචාරය මේ තරම් අපිලිවෙල වෙයි කියල ඔහු නොසිතූ නිසා.

සෙබලු කණ්ඩායමක් ලිට්ල් ජෝන් පසුපස පන්නද්දී රොබින් හුඩ් එකවරම මතු වූයෙ ෂෙරිෆ් සිටින දිශාවෙනි.

🐰ම්ම්ම්.අපේ බෝගම් කුමරුගෙ ප්‍රේමනීය කුමාරයාට නගරය බලන්න ආසවක් ඇති වෙලා වගේ.ඉතින් නගරය හොදින් පෙන්නුවාද ෂෙරිෆ්තුමනි

ෂෙරිෆ් ට නම් රොබින් හුඩ්ගෙ සෙවනැල්ල පවා ප්‍රමාණවත් කේන්තියේ උපරිම ලක්ෂයට යන්න.

ඉතින් ඔහු කෑ මොර දීගෙන රොබින් පසුපස පන්නන්නට වූවා.

👤සෙබලුනී...ඔය දුනු කොල්ලව අල්ලගන්නවලා

ටේහ්‍යුන් කුමරුගෙ ආරක්ශාව ට හිටි සෙබලුන් පවා රොබින් පසුපස පන්නද්දී ටේහ්‍යුන් සිටියේ ස්ට්‍රෝබෙරි සියයක් හෝ එකවර කෑ හැකි තරම් කෝපයෙන්.

🐯මේ නොසණ්ඩාල මංකොල්ලකාරයෝ..ආහ්...බලන්නකෝ ජිමිනි.මන් ඔහුව දවසක අල්ලගන්නවමයි

ටේහ්‍යුන් තරයේ එසේ ප්‍රකාශ කරද්දි ජිමින් තම අතින් මුව වසාගෙන සිනාවූයේ "ඔබ කෙසේ වෙතත් ඔහු නම් ඔබව අල්ලගනීවී" යැයි සිතමින්.

නැවතත් නගරය සාමකාමී වුවත් රොබින් හා ලිට්ල් ජෝන් අල්ලා ගැනීමට ගිය ෂෙරිෆ් ඇතුලු පිරිස නම් තවමත් ආයේ නැහැ.

ටේහ්‍යුන් ට නම් කිසිදු සිහියක් නෑ.ඔහු එක් අතකින් ස්ට්‍රෝබෙරි අහුරක් කටට දමාගනින්ද්දි අනිත් අතින් මිදි ගෙඩි අනුභව කරන්නට වුනා.

වෙලෙදසැල් හිමියන් පවා ඔහුට කිසිදු දොසක් නොනැගූයේ ඔහු කුමරෙක් නිසාම පමනක් නොවේ.
ඇත්තෙන්ම ඔහුගෙ සුරතල් බව හමුවේ ඔවුන් ට කිසිත් පැවසීමට තරම් සිත්වූයේ නැති හෙයින්.

Robin Hood🎯|🐰🐯|Short Story(Completed)✔Onde as histórias ganham vida. Descobre agora