🎯8

285 81 5
                                    

නගර සංචාරය සිදු වූ එදින රාත්‍රියෙහි සියල්ලෝම නිදි දෙවුදුව විසින් වැලද ගත්තද දෙදෙනෙකු තවමත් නිදි වර්ජිතයි.

එක් අයෙකු ජන්කුක් නොහොත් රොබින් හුඩ්.

"එදා මම කුමාරයා දැක්කට වඩා අද මම ලගින් දැක්කා.ඇත්තටම පුදුමාකාර ලස්සනක්.මිහිපිට සුරන්ගනාවක් වගේ.මන් දැකපු ලස්සනම මනුස්සයා.කියන්න කිසි වැරැද්දක් නෑ කුමරුනි.ඒ දෑත් හරියට පියාපතක් වගේ හරිම සිනිදුයි.හැම අතින්ම අංගසම්පූර්ණයි හරියට පුන්චි දේවතාවක් වගේ. ඔබතුමා ගේ හිත දිනාගන්න එකත් ලේසි වෙන එකක් නෑ.ඒත් බලන් ඉන්න මගෙ පුන්චි මැනික.ඔයා අනිවාර්යයෙන්ම මට දැනටමත් කැමති ඇති මගෙ සැලැස්ම සාර්ථක නම්.

ආඅහ්හ්හ්හ්හ්හ්හ්....අද නම් මට නිදාගන්න බයයි.මම නිදාගත්තම මට ඔයාගෙ ඔය පුන්චි සුකෝමල මුහුන අමතක වෙයි කියල මට බයයි.හැබැයි මට ඊට වඩා විශ්වාසයක් තියෙනවා නින්ද ගියොත් මම දකින හැම හීනේකම ඔයා ඉන්නව සත්තයි."

එසේ සිතමින් නිදි යහනේ ඒ මේ අත පෙරලෙමින් සිටියේ ජන්කුක්.

අනෙක් පසින් ටේහ්‍යුන්...

"ඔහුගෙ කටහඩ ට ඇත්තෙන්ම මා වෙව්ලා ගියා.ඒ තරම්ම එහි පුරුෂාධිපත්‍යක් ගැබ් වී තිබුනා.එවිට ඔහු මා අත්ල සිප ගත් අයුරු.මගේ මුලු ශරීරයම කිලිපොලා ගියා ඒ ස්පර්ශයට.නමුත් හැගුනේ මා ඊට අවනත වූ බවක්.මා ලැදියි ඒ ස්පර්ශයට.එවිට ඔහු හා මාගෙ දෑස් බන්දනය!!දෙවියනේ.එය නම් හාස්කමක්.මට හැකී ඒ ගැඹුරු දෑස් තුල සදහට ම ගිලී යාමට..ඔහු මා බේරාගැනීමට සටන් කලා.ඔහු සැබෑ ම දක්ශයෙක්.මා ඇයිද මීට පෙර ඔහුව අවතක්සේරු කලේ.ජිමින් මෙන්ම නගරවාසින් මොහුට මේ තරම් ගැති දේවල් පැවසීම සත්‍යක්...මා හමුවිය යුතුයි ඔහුව හෙට දිනයේම.ජිමින් මා හට උදව් කරාවි නිසැකයෙන්ම."

තමන්ටත් හොරා තමන්ගේ සිතෙහි ලැගුම් ගත් ඒ තරුනයා ගැන සිතමින් සිටි ටේහ්‍යුන් කුමරු ටද නින්ද නම් නැහැ ආයෙ ලගකටවත්.

පසු දින උදෑසන......

උදෑසන ම ටේහ්‍යුන් ජිමින් වෙත ගොස් ඔහුට ඇවිටිලි කලේ රොබින් හුඩ්ව මුනගැසීමට යායුතු බව තරයේම ප්‍රකාශ කරමින්.

Robin Hood🎯|🐰🐯|Short Story(Completed)✔Where stories live. Discover now