08 කොටස

227 18 5
                                    

Point of View-POV ,
චානුල්‍ය දෙව්හස් අධිකාරි.

කෙවින් ට නින්ද යනකම් ඉදලා මන් ඇදෙන් බැස්සේ අක්කට කෝල් එකක් ගන්න.මට කාමරෙන් එළියට යන්න හිතෙන්නෙත් නැහැ.මන් කෝමත් ඔය මලයක්ස පෙරේත වලට ටිකක් බයයි.ටිකක් කිව්වට ටිකක්මත් නෙමෙයි.මේකයි පේන එකෙක් එක්කනම් අතින් පයින් හරි ගහගත්තට නොපෙනෙන උන් එක්ක මොනා කරන්නද?.මන් එහෙන්මම ජනේලේ පඩිය උඩ ඉදගෙන කුරුකුරු ගගා පියාඹන මදුරුවන්ට පිම්බේ ෆෝන් එකත් කනේ ගහගෙන.නිදි නැති රැයෙ මේ මදුරු කරදරේ,මුන් ඇවිත් විදිනවා හරි වේදනයි අනේ.!

දෙතුන් වතාවක් කෝල් කරද්දිද කොහෙද මගේ සහෝදර රත්නේ ආන්ස්ව' කරා. මුන්ට මන් ගත්තම තමා ආන්ස්ව' කරන්න හැට පැයක් යන්නේ කුරිරු අක්කන්ඩිය.මැරෙනා සැටි පෙන්ගන්න මල්ලි කෙනෙක් ඔයා හොයාගන්න අක්කේ මන් නම් වෙන්නෑ නෙක්‍ස්ට් මද්දුමබණ්ඩාර.යා මේ තරම් ප්‍රශ්න ගොඩක ඉදගෙන මන් මොන එකකටද මේ තරම් පිස්සු විකාර කියවන්නේ?

'ආ චානු බබා....කෝමත මයෙ පැටියට?..'

'අනේ මල්ලියේ මේ ගෑණිව අරන් පලයාආඅම්...බීලා ඇවිත් මට වද දෙනවා දෙයියනේ...'

'මහිම මන් දැන් ඔයාට දෙනවා දෙකක් හරිද.?'

'මගේ බුදු මල්ලියේ මාව බේරගන්ඩෝ...'

අක්කා කෝල් එක ආන්ස්වර් කරා විතරයි මට ඇහුනේ මගේ පින්වන්ත අයියන්ඩිය බෙරිහන් දෙන සද්දේ.වේලාව රෑ එකොළහයි හතලිහයි වෙලත් මේ ගෑණියි මිනිහයි එහා ගෙවල් වල උන්ගේ කන්වල ශ්‍රවණතාවය ගැනවත් නොහිතා බෙරිහන් දෙනවා.

'කියන්න බබා..මේ මහිම අයියා කෑගහනවා අනේ..අපි දෙන්නා එකතුවෙලා ශොට් එකක් දැම්මා අයියාට ටිකක් වැඩි වෙලා ඉන්නේ..'

'මරු ගෑණියි මිනිහයි බන්..දෙන්නා එකතුවෙලා බොන්නේ..'

'එකනේ දරුව..දැන් මොකෑ කියන්න මගේ මල්ලියා හදිස්සියේ කතා කරන්නේ..ඒකත් මේ මහ රෑ? කෝ කෙවින් මල්ලි නැද්ද...'

අක්කගේ මහ අමුතු පුරුද්දක් තියෙනවා කතා කරන හැමතිස්සෙම කෙවින් ගැන අහන.ඒ දෙන්නා හම්බුනාමත් අක්කා මාව කපලා කෙවින් එක්ක ඉන්නේ.අක්කට පුලුවන් හරි ලස්සනට මිනිස්සුන්ව තේරුම් ගන්න.සමහරවේලාවට මට නොපෙනුනු කෙවින්ගේ ප්‍රශ්න අක්කට පෙනුනා.කෙවින් අක්කා එක්ක කතා කරන්න බය උනාට අක්කාගේ වැඩේම කතා කරොත් මගෙන් කෙවින් ගැන අහන එකනේ.කෙවින් එක්ක පුදුම ලව් එකක් තියෙන්නෙ.

සොදුරු සිත්තමක් |BLWhere stories live. Discover now