12 කොටස

111 15 45
                                    

ප්‍රධාන දොරටුවෙන් ආපු අය අතරේ යුගාන්,යුගාන්ධ්‍ර,විදුෂිත,සසීනා අක්කා වගේම චානුත් හිටියා.සසීනා අක්කාගෙ අතත් අල්ලගෙන චානුත් එයාට එහාපැත්තෙන් විදුෂිත අයියා එද්දි 'අධිකාරි පවුලේ ත්‍රිත්වය' කියන වයිබ් එක හොදට කැපිලා පෙනුනා.එතන හිටපු අපෙ අයගේ ඇස් නම් තිබ්බේ ජිල්බෝල වගේ.මේ හරුපේ තේරුම මට හරියට තේරෙන්නැති උනාට එකක් තේරුනා,සසීනා අක්කගෙ Abroad ඉන්න දෙමව්පියෝ ඇතුලු අධිකාරි පවුල ගැන තමයි මෙතන කියලා තියෙන්නේ කියලා.නිකමට වගේ තවිරුගෙ මූණ බලන්න ආසාවක් ඇති උනු නිසා ඒ පැත්ත බලද්දි මන් දැක්කේ උගෙ මූණ පොල් ලෙල්ලක් වගෙ තියෙන හැටි.යසයි යසයි.තේනුජ නම් මහ සුනඛ හිනාවක් දාන් ඉන්නේ එයා මේවා කලින් දැනන් හිටියා කියන්න වගේ.

එතෝට චානු මෙච්චර දවසක් මට මේක නොකිව්වේ ඇයි?

ශේනුලයි,මිනගයිත් හෝල් එක ඇතුලෙන් මතුවෙලා තිබ්බා.මිනගයාගේ අතින් අල්ලන් ශේනුල අයියා ඉන්නවා දැකලා තේනුජයි මායි ආපහු මූණට මූණ බලාගත්තා.අපෙ වස්සා ඔලුව උස්සන්නෙවත් නෑ ඔහේ ඉන්නවා.සසීනා අක්කලා මෙනුර අයියලා එක්ක කතාවට සෙට් වෙනවත් එක්කම හෝල් එක ඇතුලෙ තත්වය සමනය උනා.යුගාන් අයියා මොනා මොනා හරි අනවුන්ස් කරලා කට්ටියම පාටි එක එන්ජෝයි කර කර ඉද්දි ලයිට් ඩිම් වෙලා ඩාන්සින් ටයිම් එක ආවා.ළමයි එකතුවෙලා දාන හැම පාටියකම මුලින්ම පටන් ගන්නේ නටන්න! යසයි යසයි බේසික සහෝදරවරුන්ගෙ නැටුම්..

'Mr.Fernandez.'

'Ya....Why'

'Mr.Adhikari has given you a message to go to room no.27.'

'Thanks for bringing the message'

වේටර් කෙනෙක් දුන්නු key එකත් අරන් මන් elevator එක පැත්තට ගියේ චානුත් සසීනා අක්කා ලගින් නැගිටලා එද්දි.

--

'මට හාට් ඇටෑක් හදන්නද හදන්නේ?..'

'සොරි බබා ඉතින්..'

'සොරි සොරි තමා..බලන්න ඕන ඔයා ආපු වෙලෙ තවිරුගෙ මූණ...තේනුජයි මෙනුර අයියයි මට කින්ඩි හිනාවක් දැම්මා.යුගාන්ධ්‍ර අයියා පල් එකට වගෙ බැලුවෙත්..'

'එනකම් කියෙව්වා යුගාන්ධ්‍ර අයියා නම් ඔයා ගැන..'

'කිඹුලට හරි සතුටු ඇති...අක්කගේ බෝයිෆ්‍රෙන්ඩ් එන්නැද්ද ඉතින්?..'

සොදුරු සිත්තමක් |BLWhere stories live. Discover now