05 කොටස

142 16 7
                                    

'මතකද අපි ඒ කාලෙත් යාළුවෝ?..ප්‍රේ ස්කූල් එකෙදි.'

'කොයි මගුලේ ගියත් එකටනේ නේද ඇත්තට.'

'ඒකනෙ.උබ පැත්තකට වෙලා සාමණේර වගේ ඉද්දි මන් නේ ඇදගෙන යන්නේ..දැන් පේනවනේ ඒවගේ ප්‍රතිඵල..කැෆටේරියා එකෙන් තොර ලොවක් නෑ.'

'සිරාවට..මතකද අර අපි ඔලේවල් කාලේ හිටියා මල්ලි කෙනෙක්? සෙනුහස් කියලා.එකා කියන්නේ අපි දෙන්නා පැය හයෙන් පහක් ඉන්නේ කැෆටේරියා එකෙ කියලා..'

'ඔව් නේ..අපිව හොයන්න හැම එකාම එන්නේත් එහෙටනේ..'

'ඒකත් බලපන් ඉතින්.හයේ ඉදන් එකොළහට යනකන් හැමදාම පන්ති දෙකක හිටියත් යාළුකම එහෙම්මමයි..ප්‍රයිමරියෙදි නම් දෙන්නා එකටනේ..ප්‍රේ ස්කූල් එකෙදිත් එහෙමයි.හිතපන් ඉතින් අපිව හම්බෙන්න ලන් වෙද්දි අම්මලාත් එකම හොස්පිට්ල් එකෙ,එක ළග ඇදන් වල ඉදලා තියෙන්නේ..දැනුත් උබ කුඩෑල්ලා වගේ මන් අස්සෙමයි..'

'උබ මගේකා නේ යකොව්.යමන් යමන් පන්ති වලට...අපි දෙන්නටත් ඉතින් මොකද මතක ආවර්ජනය කරද්දි නැද්ද බන්?..'

'ඔය අතින් අල්ලන් පඩිපෙල් නගින්න එපා පගෝ..මල්ලිලා අමුතුවට බලනවා.'

'ඇයි ඇයි උබට ලැජ්ජද?'

'මල තමා...'

'අනේ උබේ මල...හැබැයි අනිත් උන්ට නම් වැඩිය තියේ තමා..සිරීයස්ලි? රවුමට පස්ස මේන්ටේන් කරන්නේ කෝමත යකෝ? කෙල්ලෝ කැලේ උබේ ඇගට!..'

'පැණි හලන්න එපා පගෝ..නිකළැල් සරීර කුඩූවට කියන කතා හිච්චි අසහනකාරයා..'

'මගේ අසහනේ දැකලා නෑ තෝ...අනේ පලෑම් බන්..කාටද දන්නෑ..'

'ආ ආ..ගෙම්බෙක් ගිය උඩ..මෙහෙ වරෙන් රවන්නේ නැතුව.තොට ඉතින් වටේම ගෑණුනේ..ප්‍රථම ප්‍රේමයත් පරාද වුන මම තමා වැරදි එහෙමද?..'

'උන් එක්ක මගුල් කරන්න වේලාවක් නෑ යකෝ..වෙන්ඩ සාමණේර යාලුවෙක්ව එහා පැත්තෙන් තියන් ඉද්දි මට හැකියි නේ උන් එක්ක අයාලේ යන්න..පිශ්ශු බන් උබට.එකියක්ගෙ අතින් ඇල්ලුවත් උබ ආවේස වෙනෝනේ..'

අද උදේම ඉස්කොලේ ආපු මමයි චානුයි අතීත මතක ආවර්ජනය කර කර නුග ගස් ටික පාස් කරගෙන එලේවල් බිල්ඩින්ස් පැත්තට ආවා.වෙනදට ඉතින් අපි දෙන්නා උදෙන් එනවා කියන්නේ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලුවත් වෙන්නැති වැඩක්.දැනටමත් කැඩෙට්ස්ලා වගේම තව ළමයි ඇවිත් හිටියා.චානුට ගණන් වගයක් හදන්න බැරි උනා කියලා ඒක හදන්න ඕන කියාගෙනයි උදේ පාන්දර ඉස්කොලේ ආවේ.එයා මැත්ස් කරද්දි මම කරේ ආට්.

සොදුරු සිත්තමක් |BLWhere stories live. Discover now