14 කොටස

165 19 19
                                    

'ඈහ්..ආ මේ මේකයි..ඒක අපි දෙන්නගේ පොඩි කතාවක් බබා.අපිත් යමුද දැන්? ඔයා ආවේ මොකේද..'

'අක්කාගේ වාහනේ......'

'මොක? කාගෙද?..'

'ලොකු තාත්තා ගිය අවුරුද්දේ උපන්දිනේට දුන්නේ..අර මන් එපා කියපු බෙන්ස් එක..'

'ඈ චානු..මන් දැකලා නෑනේ මලාට ඕක...'

'අක්කට දුන්නා මන් ඒක..මට මොකටද බන් බෙන්ස් මෙච්චර පාරෙ බස් තියෙන්නෙ...බෙන්ස් මොකද බස් මොකද..'

'අක්කට බයික් එකක් තියෙනේ...අනික මන් හිතන්නේ KDH එකක් අරන් දුන්නෙත් අක්කටනෙ?..'

'එයා ඒක විකුණුවා.ආසාවෙන් හිටියට ගත්තම එපා වෙලා..බයික් එකටත් ඒකමයි උනේ.හැබැයි ඒක නම් ගත්තේ අපේම මල්ලි කෙනෙක් එනිසා ශේප්..දැන් නම් ආන් ස්කූටරයක් පදිනවා...'

'ඈහ්....'

'ඈහ් නෙමෙයි බන්.ඒ අක්කගේ හැටි...එක්ස්පිරීයන්ස් එක ගන්නකම් විතරයි සමහරක් දේවල්...මෙඩිසින් එයාට මොන බයික්ද ඇහුවා..කෝමත් එයා උයන්න අකමැති,වාහන ඩ්‍රයිව් කරන්න අකමැති කෙනෙක්නෙ..'

'ඇත්ත හැබැයි...'

'ඔයා අම්මට කෝල් කරන්න එපා ආයේ..හරි නෑනේ..ඒ හින්දා මාත් එක්ක යමු...එනවා යන්න මට හොදටම නිදිමතයි....'

'හරි හරි අනේ..'

එහෙම්මම තව මොනාද මොනාද එතන හිටපු අය එක්ක කියවද්දි මටත් ගාණක් නෑ ඔහෙ හිටියා.චානු දෙතුන්වතාවක් නළල අල්ලද්දි මට තේරුනා ඔලුවේ කැක්කුමක ඇත්තෙ කියලා.මෙතන ඝෝෂාව වැඩී.කට්ටිය කියවන සද්දෙයි,මියුසික් සද්දෙයි ඔක්කොම එකතුවෙලා මෙයාගෙ ඔලුවේ කැක්කුම නොහැදුනොත් තමා පුදුමේ.මට මොකුත් අහන්නත් බෑ එයා කතා කර කර හිටියේ එයා අදුරන අයියලා දෙන්නෙක් එක්ක.ඒ දෙන්නා යනකම් ඉදලා අහනවා..

'ආ ආ අධිකාරි පුතා...කෝමද ඉතින්.දැක්ක කල් උබව..'

මන් චානුගෙන් එළියට යමුද අහන්න හදද්දිම එතෙන්ට ආවේ මේ වේලාවේ මන් එයි කියලා බලාපොරොත්තු නොවුනු චරිතයක්.තවිරු!

'හේයි බේබ්..ඔයාව නම් මන් උදෙත් දැක්කනේ පැටියෝ...'

'අහකට පලයන්...'

සොදුරු සිත්තමක් |BLحيث تعيش القصص. اكتشف الآن