10 කොටස

93 15 3
                                    

චානුල්‍ය දෙව්හස් අධිකාරි,
Point of view,

අලුතෙන් අපේ ක්ලාස් එකට ආපු ටිකක් හොද මීටරයක් වුනු සශෙන් විනුද්‍ර කියන බෝයි එක්ක මන් හවස ස්කොලෙ ඇරිලා ආවේ.කෙවින්ලගේ පන්ති වහලා තිබ්බ නිසා එයාලා කලින් යන්නැති කියලා හිතාගෙන තනියම පාර දිගේ ඇවිදගෙන එද්දි තමා සශේන් ඇවිත් මාත් එක්ක කතා කරන්න ගත්තේ.එයා ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක්.මන් ෆුට්බෝල් ෆෑන් කෙනෙක්.මගෙන් මගහැරුනු නෝට් වගයක් ඉල්ලුවා.පස්සෙ අද අන්තිම පිරීයඩ් එකෙ කෙමෙස්ට්‍රි මැඩම් කැරපොත්තෙක්ට බය වුනු හැටි මතක් කරලා අපි දෙන්නා එන ගමන් හිනාවුනා.කෙවින් පේන මානෙක නෑ.අද ආට් එකෙ මොකක් හරි සීන් එකක් ගිහින්.වේලාවට එයා ඕවගේ එවාට සම්බන්ද වෙන්න යන්නේ නැත්තේ.සශේන් හොද යාලුවෙක්.කාලෙකට පස්සෙ මගේ වයිබ් එකෙ කෙනෙක් හම්බුනා.එයා ටිකක් මාත් එක්ක වැඩිපුර කාලේ ගත කරා.වෙනදට බෝරින් උනු කෙමෙස්ට්‍රි පිරීයඩ් එක එයා ළග ඉදගෙන ඉද්දි නම් බෝරින් උනේ නෑ.මතක තියාගන්න ඕන ඒවා හරි අමුතු විහිලු වලින් එයා මතක තියෙව්වා.

එයා යනකම් ඉදලා මන් කෙවින්ව හෙව්වේ මේ ළමයා කොහෙ ගිහින්ද කියලා බලන්න.වැට ලගට වෙලා තේනුජ ට රවාගෙන ඉන්නවා.තේනුජ මොනාහරි කියවනවා.තේනුජ යන්න ගියත් මෙයා තාමාත් එතෙන්ට වෙලා හිටගෙන ඉන්නවා.මන් ලගටම ගියත් එයාට මාව මීටර් උනේ නෑ.මන් එයාට කතා කරා විතරයි මට බැනලා මාව ගනන් ගන්නෙවත් නැතුව ගියා.හුග කාලෙකට පස්සේ...මන් හිතන්නේ අවුරුදු ගානකට පස්සේ තමා එයා ඔහොම කතා කරේ..ඒ කියපු වචන මොකද්දො මන්දා හේතුවකට මගේ පපුව හූරනවා වගේ දැනුනා.

'කෙවින්....ඔහොම ඉන්න..'

පාර දිගේ ඔහේ යන කෙවින් ට කෑගහලා මන් එයාව කොහොමහරි නවත්තගත්තා.

'තමුසේ මගේ යකා අවුස්සගන්නවා කෙවින්.'

'ඇයි? මන් මොකද්ද කරේ?'

'මොකද්ද කරේ? දැන් තමුසෙට පෙනුනේ නැද්ද පාර පැන්නෙ කොහොමද කියල.මගෙන් මැරුන් නොකා පාර බලන් ඇවිදපන්.'

'මට ඕන දේ මන් කරන්නේ..'

'මගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා හරිද..මුරණ්ඩු වෙන්න එපා.ටිකක් පරක්කු උනාට ඔය තරම් කෑගහන්නේ ඇයි?.අනික මන් ඔයාව හෙව්වෙ නැත්තේ නෑ.ඔයා නෙමෙයිද අද කලින් ආවේ ආ?..'

සොදුරු සිත්තමක් |BLWhere stories live. Discover now