13 කොටස

105 12 11
                                    

---
'එහෙනම් ඉතින් මාවත් එක්ක යන්න චානු හරිද?..'

'කෙවින්ගෙන් අහලා--'

'මගෙන් අහන්නේ මොකටද?..'

පාටි එක ඉවර වෙන්න ලන් වෙලා තිබ්බේ.සසීනා අක්කට දැන් ආපහු නුවර යන්න වේලාවක් නැති නිසා එයා පුරු පුරු ගගා හිටියේ.මන් හිතන්නේ එයාට අයියා නැතුව ඉන්නත් බෑ.හැබැයි මල්ලි දාලා යන්නත් බෑ.එයාලා හුග කාලෙකට පස්සෙනෙ හම්බුනේ.

'කෙන්..ඔයා අකමැති නෑ නේද ළමයෝ අදට විතරක් මන් හිටියට?..'

'නෑ අක්කා...මේ චානුට පිස්සු..'

'හරියට හරි...'

'දැන් ඔයා අදින්නේ මොකද්ද කියන්නකෝ..ඕක පිටින් ඉන්නද හදන්නේ?..'

'ඉතින් මෙහෙම කරන්න.ඔයා කෙන් ගේ කාමරේ ඉන්න..මට ඔයාගෙ කාමරේ දෙන්න..මන් තමුසෙගෙ අර අලි ටීශර්ට්ස් ඕන තරම් ඇදන් ඉදලා තියෙනවානේ...ඔලේවල් වලින් පස්සේ මන් ඇන්දෙම ඒවද කොහෙද?..'

'ඔව් ඔව්..මගේ ටීශර්ට්ස් ටික ගවුම් වගේ දික් කරලා තිබ්බෙ...'

'ඉතින් ඔයානේ මලු වගේ දහයකට බහින්න පුලුවන් ඒවා අදින්නේ..'

'අනේ මේ...මන් එහෙම අදින්නෑ හරිද..'

'ඥැහ් ඥැහ් තමා...'

අක්කගෙයි මල්ලිගෙයි පුරුපුරුව ඉවර වෙනකම් මන් පැත්තකට වෙලා හිටියා.ඒ දෙන්නා එහෙමයි තමා වෙලේකට.අක්කා මට කතා කරන්නේ 'කෙන්' කියලා.අම්මත් එහෙමනෙ.චානුගේ නම් ඉතින් ශෝට් නේම්ස් නැහැ.කෙලින්ම කෙවින්!!

එයා ඉතින් ඒක කියන ටයිප් එක වෙනස් වෙනවා එච්චරයි.උදේට නම් බෙරිහන් දෙනවා මන් නැගිටින්නේ නැති උනහම.අද කතා කරපු විදිහ ඊට වෙනස්.මට දුක හිතුනම එයා මගෙ නම කියන්නෙ හරි අමුතු විදිහට.එයාගෙ මැජික් කටහඩින් එක එක විදිහට එයා මගෙ නම කියන්නේ!!

'මෙහ් එක්කෝ මන් විදුෂිත අයියලගෙ ගෙදර යන්නද? හෙට අයියා ගම්පොළ යනවා කිව්වා කොහොමත්..'

'අනේ මෙන්න මෙහෙ ඉන්න..මන් එක්කන් යන්නම් ඔයාව.'

'ඔව් ඔව් ස්කූල්,ක්ලාස් පාඩු කරන් එක්කෙනෙක් නුවර යන්න ප්ලෑන් කරනවා ඉතින්..'

සොදුරු සිත්තමක් |BLWhere stories live. Discover now