01 කොටස

529 40 11
                                    

"රණ්ඩු වෙන්නෙපා කෙවින්....ටීචර් බනී ඔයාට..අභිරු යන්න..ඔයා සීසෝ ඒක ගන්න..අපිට ඕක එපා..."

මම අභිරු එක්ක රන්ඩු වෙනගමන් ලු හිටියේ!..චානු කිව්වේ එහෙමයි.ඒ උනාට මන් එහෙම කරේ නැහැ.මන් අභිරු එක්ක කතා කරා විතරයි.චානුගේ මලකෝලම්.එයා මාවත් ඇදගෙන ලොකු ගහක් යට බංකුවෙන් ඉදගත්තා.අපිට ඉන්ටවල් හම්බෙලා තිබුනේ.හැමෝම ප්ලේ ග්‍රවුන්ඩ් එකට ඇවිත් සෙල්ලම් කරනවා.ඒත් චානු එයාගෙ කතන්දර පොත බදාගෙන...!

මට හරි තරහයි මේ චානු එක්ක!!

"ඇයි ඔයා මාව ඇදගෙන ආවේ?...මමනේ ඊළගට පෝලිමේ හිටියේ.."

"ඇයි සීසෝ එක විතරද තියෙන්නේ? ඔයාට ඕන නම් ඔංචිල්ලාව පදින්න..."

"මට බෑ....ඒක හැමදාම පදිනවා.."

"එහෙනම් මෙතෙන්ට වෙලා ඉන්න!.."

චානු මට සැර කරලා අහක බලාගත්තා.ඉතින් මේ ඉන්නේ මගේ මෝඩ යාලුවා! මෝඩයි කිව්වට එයා ටීචර්ස්ලා දෙන හැම වැඩක්ම හොදට කරනවා.එයාට ඉන්ග්ලිශ් වලින් වගේම සිංහලෙනුත් 1 ඉදන් 100ටම ගනින්න පුලුවන්.මන් නම් ගැන්නේ නෑ හැබැයි..ඕවා ගැන්නට මොකද මට සීසෝ පදින්න හම්බෙනවද?

චානු මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් තමා...අපි ඉන්නෙත් එකට තමා..ඒත් ඉතින් එයා මාත් එක්ක චර්ච් යන්න එන්නෑ! අර නැනී එක්ක චර්ච් ගිහින් මට ඇතිවෙලා.එයාගෙ නමේ කෑලි දෙකක් තියේලු! කවුද දන්නේ ඉතින්,ටීචර් තමා කිව්වේ.මට නම් කෑලි කීයක් තිබ්බත් වැඩක් නෑ! එයා මගේ චානුම තමයි....ඒක වෙනස් වෙන්නෑ!

ටීචර් කියනවා මන් එයාට චානු කියන්නේ පොඩිකමටලු..ටීචර්ට පිස්සු.චානු මගේ චානුම තමයි! එයාගෙ නමෙන් මට වැඩක් නෑනේ...මන් එයාට කියන්නේ මන් කියන නමම තමා...ඒක මන් වෙනස් කරන්නෑ! මන් ලොකු උනහමත් ඒ නම ම කියනවා....

චානුට නම් දෙකක් තිබ්බට මට තියෙන්නෙ එක නමයි...අපේ ඩැඩාගෙත් ඒ නම තියේ...ඒකට කියන්නෙ සර්නේම් ලු...අනේ මොනාහරි ඔය කියනවා වගෙ නමක් නේ..

මන් කෙවින්.....තව ඉතින් එයාලා අන්තිමට ෆර්නැන්ඩස් කියලාත් කියනවා..කියවගන්නත් බැරිනමක් දාලා පිස්සුද මන්දා.ඔක්කොටම පිස්සු.චානුටත් පිස්සු...මන් බැට්මෑන් කිව්වමත් මට කිව්වා පිස්සු කියලා...මන් බැට්මෑන් එයා සුපර්මෑන්...අපිට පුලුවන් ලෝකේම බේරගන්න!

ඒත් එයා සුපර්මෑන් නෙමෙයිලු...එයා චානුල්‍ය ලු...දැක්කනේ විකාර නමක් අල්ලන් කියනවා.එයා චානු...කිව්වට තේරෙන්නෑ ඔය චානුට..මෝඩ චානු...

"නිකන් ඉන්නේ නැතුව දහයට ගනින්නකෝ කෙවින්..."

"දහය.....අට...පහ...එක....."

"මුල ඉදන්.!! ඔය ගණිනවා වැරදි..."

"මට බෑ...මට තියෙනවා ලෝකේ බේරගන්න..ඔය ඉලක්කම් මට එපා..."

මන් චානුව ගහ යට දාලා ගියා යන්න.මන් ගිහින් ලෝකේ බේරගන්න ඕන.....

--- මතු සම්බන්දයි ---

සොදුරු සිත්තමක් |BLWhere stories live. Discover now