13 කොටස 🍓

616 101 59
                                    


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.







" ආරුල්....ආරුල් "

අපේ අයියා බිම දණගහන් ඉන්න ආරුල් අයියව හොලව හොලව එයාට කතා කරද්දි මං සකුල්ගෙ අත හයියෙන් මිරිකගත්තා.

විනාඩි දෙක තුනකට කලින් උන දේ නිසා මං තාම හිටියෙ ශොක් වෙලා... ජගත් හාමුයි ආරුල් අයියයි ඉන්න තැනට සකුල් ගියේ නැත්තන් ජගත් හාමු ආරුල් අයියට කොච්චර ගහයිද කියලවත් මට හිතාගන්න බැරි උනා. අපේ අයියා මාව එයාගෙ අත් වලින් හිරකරගෙන දොරට මුවා වෙලා ඉද්දි සකුල් ඇතුලට ගිහින් ආරුල් අයියව අල්ලගෙන ජගත් හාමුට මොනවදෝ කිව්වා. ජගත් හාමු සකුල්ටයි ආරුල් අයියටයි දෙන්නටම බැන බැන එතනින් යන්න ගියාට පස්සෙයි අයියා මාව අත ඇරියෙ.

" වතුර එකක් ගේන්න සකුල්.... "

අයියා ආරුල් අයියව හොලව හොලවම සකුල්ට කියද්දි සකුල් කුස්සියට දුවලා ගියා. වතුර කෝප්පයක් අරන් ඇවිත් අයියට දුන්නට පස්සෙ එයා ඒ වතුර වලින් ටිකක් අතට අරන් ආරුල් අයියගෙ මූණ වටේටම ගෑවා. ආරුල් අයියගෙ අත් වල නහර ඉලිප්පිලා එයාව වෙව්ලනවා...එහෙම වෙන්නෙ එයාට කියාගන්න බැරි තරම් කේන්ති ගියහම කියලා මං දන්නවා.

" හරි සිහියට වරෙන් ආරුල්....ප්ලීස් කූල් ඩවුන් වෙයන් "

" එයා ගියා සුදු අයියේ....මේ බලන්නකෝ එයා දැන් නෑ "

අපේ අයියයි සකුලුයි දෙන්නම ආරුල් අයියා ඉස්සරහා දනගහන් එයාව සන්සුන් කරන්න හදනවා.

" එ...යා...ලා.... ආයෙත්....ආයෙත් මගේ අශස්ව උ..දු..ර..ගන්න හදන්නේ "

" එහෙම වෙන්නෙ නෑ සුදු අයියේ....දේව්ව ඔයාගෙන් උදුරගන්න බෑ කාටවත්ම....මගෙ සුදු අයියා දැන් ඉස්සරටත් වඩා ස්ට්‍රෝන්ග් නේ...ම්ම්ම්ම් "

_ ස්ට්‍රෝබෙරී 🍓 _ ( Taekook )Where stories live. Discover now