මගේ ජීවිතේ මම ආදරේ කරන හුඟක් මිනිස්සු හරි ඉක්මනට මගෙන් ඈතට යනවා...ඉතින් මම හරි බයයි කෙනෙක්ට ආදරේ වෙන්න..මගේම කියලා කෙනෙක් ළංකරගන්න..ඒ මගේ දෛවය වෙන්න ඇති...ඒත් තාමත් හිතාගන්න බැරි ඒ මගේ ලැබීමටද නොලැබීමටද කියන්න..කොහොම වුනත් ඒ හෑමවතාවකදිම නොසෑහෙන්න දුක් විඳින්නේ
මමමයි...ඒ අය මට ආදරේ කළා හෝ නොකළා මම ඒ අයට ආදරේ වුනා...
පිස්සුවෙන් වගේ ඒ අයගෙන් ආදරේ හෙව්වා...
නොලැබෙන තැන්වලදී රණ්ඩු කරා,පස්සෙන් ගියා...
ඒ කොහොම වුනත් අන්තිමේදී නොගැළපෙන කෙනෙක් කියලා ඒ හැමෝම මාව තනි කළා...මාව පාවිච්චි කරා
ඒ හැමවෙලාවකම මම දෙයක් ඉගෙනගත්තා...
ඒ තමයි බැදීම් වැඩිවෙන තරමට දුකත් වැඩියි කියන්න...
අපි ඒ අයව අපේ හිතෙන් අල්ලගෙන ඉන්නේ කොච්චරක්ද ඒ තරමටම අපේ හිතුත් රිදෙනවා..
පුංචි වෙනසකදී පවා කලබල වෙනවා..
අපේ හිත්වල වැරැද්ද වෙන්නත් ඇති...
ඒ කොහොම වුනත් මම දන්නේ මෙච්චරයි...
මඟ හැරුණු මිනිස්සු,තනිකරපු මිනිස්සු කියලා වෙනසක් නෑ
ඒ කාට වුනත් මම නොසෑහෙන්න ආදරේ කළා...
අහිමිවෙන මොහොත වෙනකල්ම..
සමහරුන්ට අහිමිවෙලා ගියාට පස්සෙත්...ඒ මිනිස්සු ගැන තුන් හිතකවත් වෛරයක් එදා තිබුනෙත් නෑ අද ඇත්තෙත් නෑ...
හැම වෙලාවකම හැම අහිමිවීමකදිම මම හිතහදාගත්තේ ඒ මගේ නොලැබීම විදිහට....
ඒත් යටි හිත හොඳටම එක දෙයක් ගැන දන්නවා...
ඒ මම මගෙන් මඟ හැරුණු අය වෙනුවෙන් කැපවුන තරම ගැන...
ඒ අය වෙනුවෙන් කොයි තරම් ආදරේ වෙන් කරාද කියන්න...
මගේ ළඟ ඒ අය වෙනුවෙන් හුස්මක වෙනසක්වත් නොවුනා කියන්න...
ඇත්තටම යටි හිත දන්නවා
මගේ ආදරේ ලබන්න පිං මදිවුනේ
ඒ මිනිස්සුන්ට කියන්න...
YOU ARE READING
_ ස්ට්‍රෝබෙරී 🍓 _ ( Taekook )
Non-Fiction" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...