19 කොටස 🍓

601 106 97
                                    










" බකමූණෙක් වගේ රවාගෙන ඉන්න එපා අයියෝ....පැංචාටත් බය හිතෙනවානෙ "

" ඉස්කෝලේ වැඩ පාඩු කරගෙන බලන්න වාර විභාගෙ ලකුණු අඩු කරගනින්කෝ....මං උඹව හමගහනවා අශස් "

ආරුල් අයියා මං දිහා බලලා කියලා ආයෙත් ඉස්සරහා බලන් ඩ්‍රයිව් කරන්න ගත්තා.

" එක දවසක් ගියෙ නෑ කියලා ලකුණු අඩු වෙනවා ඈ....මල විකාර...ඔයාට පයිත්තියන් "

මොන විකාරයක්ද ? මේ මනුස්පයාට ඉස්කෝලේ ගියෙ නැත්තන් කෑවෙ නෑ වගේද මන්දා....ඉස්කෝලේ ඉස්කෝලේ ඉස්කෝලේ....කටේ තියෙන්නෙම ඕක

මං කාර් එකේ සීට් එක උඩට කකුල් දෙක අරන් ජනේලෙට හේත්තු වෙලා ආරුල් අයියා දිහා බැලුවා....අනේ ජෙයියනේ මේ මනුස්පයාගෙ ලස්සනට මට පිස්සු හැදෙන්න වගේ... ඉස්සරහට පැත්තට පස්සට උඩට යටට මේ හැම මගුලටම බලද්දි මේ තරම් හැන්ඩ්සම් පර්ෆෙක්ට්ම පෙනුමක් මං හිතන්නෙ දෙයියො දීලාද කොහෙද....දෙවියොත් වෙලාවකට හරි අසාධාරණයි...අපිව මවද්දි මෙහෙම මවන්න බැරි උනානේ...අනිවාරෙන් මාව මවනකොට නම් වයිපරේ ලග ඉන්න ඇති....ඒකයි පොඩ්ඩක් අඣ්ඣකොරස් වෙලා තියෙන්නෙ....

" අඩුම තරමේ කියන්න පුලුවන්ද මේ හදිස්සියේ ඔයාට නුවරඑළිම යන්න ඕනා උනේ මොකටද කියලාවත් "

" මං කිව්වෙ අනේ කට කැඩෙනකන්ම.... මට ඔයා එක්ක ට්‍රිප් එකක් යන්න ආසා හිතුනා...අනික් එක පොඩි සප්‍රයිස් එකක්...ගිහින් කියන්නම් "

මං එක් දහස් නවසිය අනූ නවවෙනි වතාවටත් කියද්දි ආරුල් අයියා im so done වගේ මූණකින් මං දිහා බලලා කාර් එක හයිවේ එකට දැම්මා.

අපි දෙන්නා මේ ට්‍රිප් එකක් යනවා...ට්‍රිප් එකක් කිව්වට ඇත්තම කතාව මේකයි...මං අයියගෙ ලැප්ටොප් එකෙන් සාමාන්‍යයෙන් සිංදු අහනවා...ඒ වෙලාවක යූටියුබ් එකේ දැක්කා මාරම ලස්සන සිංදු සෙට් එකක්...ඒ ටික හොයද්දි මට හම්බුණා නාදගම කියලා ලස්සන මියුසිකල් ශෝ එකක්...පලවෙනි වීඩියෝ එක බලද්දිම මට මාර විදිහට ඒකට ආසා හිතුනා...ඉතින් මම සකුල්ට කියලා දැන් ටික දවසකට කලින් ඊලග නාදගමට ටිකට් දෙකක් බුක් කරගත්තා මටයි මගෙ ආරුල් අයියටයි.

_ ස්ට්‍රෝබෙරී 🍓 _ ( Taekook )Where stories live. Discover now