"ඒක දිග කතාවක් අශස් "
" ඉතින් මට කෙටි කරලා කියන්නකො "
" මමා ඩැඩාව මැරි කරන්න කලින් ලොකූගෙ තාත්තා එක්ක එෆෙයාර් එකක් තිබිලා තියනවා. ඒ එෆෙයාර් එක දුරදිග ගිහින් අන්තිමට නැවතුනේ සමරවික්‍රම අංකල්ගෙන් මාම් ප්‍රෙග්නට් වෙලා... "
" එතකොට ජගත් හාමු මේ මොකුත් දන්නෙ නැද්ද අයියේ "
" නෑ.....ඩැඩා දැනගන්න විදිහකුත් නෑ...මොකද සීයා පපා උනත් ලොකූ ගැන දැනගත්තෙ අවුරුදු දෙක තුනකට කලින් "
ආරුල් අයියා මගේ ඇදේ ඉදගෙන හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා මාව එයාගෙ පපුවට හේත්තු කරන් කොන්ඩෙ අතගාන ගමන් කියද්දි මං ඇස් උස්සලා ආරුල් අයියගෙ දිහා බැලුවා.
" මමා ප්‍රෙග්නට් උන කාලේ ඉදලා තියෙන්නෙ USA වල...එයාට ඕන වෙලා තිබ්බෙම ලොකූව නැති කරන්නලු....ඒත් සමරවික්‍රම අංකල් ඒකට ඉඩ දීලා නෑ...අන්තිමට ලොකූ ඉපදෙනකන් එහාට වෙලා ඉදලා ලොකූ ඉපදුන දවසෙම එයාව දාලා මාම් යන්න ගිහින්...."
" ඉපදුණ දවසෙම "
" ඔව් අශස්....ඔයාට හිතාගන්න පුලුවන් නේද මොන තරම් ආත්මාර්ථකාමීයි හිතක්ද එයාට තියෙන්නෙ කියලා.... මට තේරෙන් නෑ අශස් මාම් කොහොමද එහෙම දෙයක් කරේ කියලා...තමන්ගෙ පලවෙනි දරුවා වෙනුවෙන් උනන කිරි ටිකක්වත් ඒ දරුවට තොල ගාන්න නොදී මූණක්වත් නොබලා දාලා යන්න මොන අම්මටද පුලුවන් "
අනේ දෙයියනේ.....පිරිමියෙක් වෙලා මගෙ පපුවත් ඒ වචන වලට හිරි වැටිලා ගියා.... යුගාන් අයියා පව්.... සමහරවිට එයා අපේ අම්මාට මෙච්චර ආදරේ එයාට අම්මා කෙනෙක්ගෙ ආදරේ නොලැබුන නිසාම වෙන්න ඇති.
YOU ARE READING
_ ස්ට්‍රෝබෙරී 🍓 _ ( Taekook )
Non-Fiction" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...