1

643 48 12
                                    

වින්දිතයාගේ ඇසින්_____________

"මිනිස් හිත් කියන්නෙ හරි පුදුමාකාර දෙයක්. ඒක වැඩ කරන්නේ මේවගේය කියලා කලින් කියන්න කාටවත්ම බෑ. හොද හෝ නරක...මේ දෙකටම හිත තමයි. අපිට පුළුවන් නම් මේක පාලනය කරන්න, අන්න ඉතකොට අපි දිනුම්. "

මං කවුන්සලින් රූම් එකෙන් එලියට බැස්සා. පීරියඩ් දෙකක්ම ඒකට නාස්ති වුණා. කමක් නෑ ගණන් නේ..

මං සිමෙන්ති පොලවේ තිබ්බ ගල් කැටේකට පයින් ගැහුවා. හිතුව තරම් අවුලක් වුණෙත් නෑ. අනුත්තරා මිස් මාව තේරුම් ගනියි කියලා මං කීයටවත් හිතුවෙ නෑ.

"කවිනි රමායාට කවුන්සලින් රූම් එකට එන්න කිව්වා තුන්වෙනි පීරියඩ් එකේදි" එහා පන්තියෙ ළමයෙක් අපේ ක්ලාස් එකට හොට දැම්මා.

"ඒ පාර මොන මගුලකටද දන්නෑ..." පෙර අනතුරු ඇඟවීම් කරලා තිබ්බ දෙව්මි මගෙන් ඇහුවා. කොන්ඩෙ කොටට කපපු එක මේ තරම් අවුලක් වෙයි කියලා මං ජීවිතේට හිතුවෙ නෑ..

පලවෙනි වෝනින් එක ආවෙ අපේ මිස්ගෙන්.

"කැඩෙට් කරන ගොඩක් ළමයි හිතන් ඉන්නෙ එයාලා පිරිමි කියලා.කොන්ඩවලුත් කොටට කපාගෙන...යාලුවන්ට පුලුවන් වෙන්න ඕනෙ තමන්ගෙ යාලුවත් එහෙමනම් එයාලාව හදාගන්න. ගිහින් බලන්න අංගොඩ හොස්පිටල් එකේ ඕනෙ තරම් ඔහොම අය ඉන්නවා. දැන දැන වැරැද්ද කරන්න ඕනෙ නෑනෙ"

මිස් හින්ට් පාස් කරන්නේ මටයි දෙව්මිටයි කියලා මුලු ක්ලාස් එකම දන්නවා.

"උඹේ වැරැද්දක් නෑ කියලා මං දන්නවා. ඒත් අපිට මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න බෑනෙ. පොඩ්ඩක් ඔය දැඟලිල්ල අඩු කරගනින්. උඹ ඇත්ත්ටම කොල්ලෙක් වගේ."

දෙවෙනි වෝනින් එකත් දෙව්මි මට දුන්නා. මගේ හැසිරීමෙ තියෙන අවුල මොකක්ද කියලා මට හිතාගන්න බෑ. මං අනිත් සාමාන්‍ය ලමයි වගේම තමා. මට පොඩ්ඩක් විසේ ඉතින්. ඒත් එහෙමයි කියලා මං කොල්ලෙක් වගේ වෙන්නෙ නෑනෙ.

ඉන්ටවල් එකට බෙල් එක ගැහුවා. ක්ලාස් එකට යන්න කලින් අතත් හෝදන්න කියලා මං වොශෲම් එක පැත්තට ගියා. දැන්ටම ළමයි පිරෙන්න පටන් අරන් එතන. මං ශේපට රිංගලා ටැප් එකට අත ඇල්ලුවා විතරයි ඊට උඩින් තව අතක් කව්දෝ දැම්මා. ලා පාට හීනි ඇස් දෙකක් හොරෙන් මගේ දිහා බැලුවා. මාව හිටි තැනම ලොප් වෙලා ගියා.

"අක්කේ සොරී..." මට හීනෙන් වගේ ඇහුණා.

ස්නේහ (GL) Where stories live. Discover now