8

284 36 14
                                    

"ආයුබෝවන් ගුරු මෑණියනි. ඔබට තෙරුවන් සරණයි ගුරු මෑණියනි...."

අන්තිම විනාඩියෙත් උගන්නපු හිස්ට්‍රි මිස් බෙල් එක ගහන්න ඔන්න මෙන්න තියලා පීරියඩ් එක ඉවර කළා. මට පොත් බෑග් එක වත් ලෑස්ති කරගන්න වෙලාවක් තිවුණෙ නැත්තෙ ඒ ගමන්ම ගාථා දාන්න පටන් ගත්තු නිසා. ගාථ සෙට් එකත් කියලා ඉවර වෙලා එහෙ මෙහෙ දාල තිබ්බ පොත් ටිකත් බෑග් එකට දාගෙන ඉවර වෙද්දි පොඩ්ඩි ක්ලාස් එක ගාවට ඇවිල්ලා හිටියා. අපේ ක්ලාස් එක තියෙන්නෙ  ඔෆිස් එක ඉස්සරහම තියෙන බිල්ඩින්ග් එකෙ තුන්වෙනි තට්ටුවෙ. මං ඉන්න තැනට නෙළුම් කුලුණත් හරි පැහැදිලිව පෙනුණා. සමහරක් දවස් වලට උදේ පාන්දර බැලුවොත් සිරීපාදෙත් පේනවා.

පොඩ්ඩි ක්ලාස් එක ඇතුලට ඇවිත් මගෙ ඩෙස්ක් එක උඩින් එයාගෙ බෑග් එකත් තිබ්බා. අද සෙත්මා නෑ. නැත්තන් මේකි බය නැතුව එයි මෙහෙම. කට විතරයි අක්කට පරාණ බයයි.

මං බත් පැකට් එක එලියෙන් තියලා හිස් වෙච්ච වතුර බෝතලේ අතට ගත්තා.

"අත හෝදගෙන එන්නම්..."

"ඉන්න...මාත් එන්නම්..." පොඩ්ඩි එහෙම කියලා මගේ පස්සෙන් දුවන් ආවා.

සින්ක් ටික තියෙන්නෙ අපේ ක්ලාස් එක ඉස්සරහමයි. කොවිඩ් කාලෙ අත හෝදන්න දාපුවා ඒ. දැන් ඒවයින් වැඩකරන්නෙ දෙක තුනක් විතරයි.

අපි අත් හෝදගෙන වතුරත් පුරෝගෙන ආපහු ක්ලාස් එකට ආවා. පන්තියෙ මොකෙක්වත් නෑ. අපි දෙන්න විතරයි. මේකි බලන බැල්මත් මට ශුවර් නෑ .

ඉස්සරහ තිබ්බ පුටුව හරෝගෙන පොඩ්ඩි මගේ ඩෙස්ක් එකෙන්ම වාඩිවුණා. ස'වියට් එක ලඟට ගත්ත මං ඊට පස්සෙ බත් එක දිගෑරියා. මං ඇහුවෙ නෑ පොඩ්ඩිගෙන් කන්න ගෙනාවද නැද්ද කියලා. ගොඩක් දේවල් නෑ. අල කරියකුයි ඊයෙ රෑ හදාපු පොලොසුයි ගොටුකොල සම්බෝලෙකුයි විතරයි. උදේට නැගිටලා දහයක් දේවල් හදන්න වෙලා නෑනෙ.

"කන්න..."  මං කිව්වෙ කටක් අනන ගමන්. ඒත් පොඩ්ඩි මගෙ දිහාම බලාගෙන හිටියා.

"ඇයි මේවා කන්න බැයිද..." මං එහෙම කිව්වාම ඒකි කොනක ඉඳන් අනන් හිමින් හිමින් කන්න ගත්තා. පොඩ්ඩි සැරෙන් සැරේ මගේ දිහා බලනවා. මට ඔය බැල්ම අල්ලන්නෙම නෑ ඉතින්. මං පුලුවන් තරම් බත් එක දිහාම බලාගෙන කෑවා. ඒත් ඇස් කොනෙන් පේනවා බලනවා කියලා. දෙතුන් සැරයක් අපේ ඇඟිලි එකට එක ගෑවුණා. ඒකි එකපාරටම අත අරගෙන ලාවට ගැසුවා.

ස්නේහ (GL) Where stories live. Discover now