5

305 40 19
                                    

"මොන මඟුලක්ද මන් දන්නෑ..." අතේ තිබ්බ ලීටර් එකාමාරෙ වතුර බෝතලේ එහෙම්මම මං බීලා ඉවර කළා. දැන් වෙලාව උදේ හයයි. ඔව් ඔව් අදත් ප්‍රැක්ටිස්. ලබන මාසෙ සිලෙක්ෂන් නිසා ප්ලැටූන් එකෙ උන් ගජරාමෙට ඒකට ලෑස්ති වෙනවා. ගියපාරත් රන්ටැඹේ යන්න සිලෙක්ට් වුණේ නෑ. ඉතින් අපේ උන්ගෙ ට්‍රයි එක මේ පාර හරි යන්න.

අහ්ම්...ඇත්තම කිව්වොත් මං එකපාරක් වත් රන්ටැඹේ ගිහින් නෑ. යන්න ආසාවකුත් නෑ. මොන මගුලකට කැඩෙටින් කරනවද කියලා මටම හිතාගන්න බෑ. කොහොම වුනත් මං ප්ලැටූන් එකේ කෝප්‍රල් කෙනෙක්. මං වෙන ස්පෝර්ට් එකක් කරන්නෙත් නෑ. කාලයක් වොලිබෝල් නම් කළා. ඒත් ඒකත් එහෙම්මම මඟ නතර කරන්න සිද්ධ වුණා. වෙන මුකුත් නෙමෙයි ගෙදර ප්‍රශ්න නිසා.

"බර කල්පනාවක වගේ..." cq ඇවිත් මගේ එහා පැත්තෙන් වාඩි වුණා. එයා අශ්විනී. හරි හිත හො‍ඳ කෙනෙක්.

"නෑ බං..." මං ලාවට හිනා වුණා.

"ම්ම්හ්.. උඹව කවුන්සලින් වලට ඇරියා කියලා ආරංචියක් ආවා.."

"කෝකිද කිව්වෙ"

"ඔව්ව්...ඊයෙ ඒකිටත් එන්න කියලා.." කෝකිලා, ඒ කිව්වෙ අපේ ඩීජීසී . මුන්ට දෝදුද අපිට දෝදුද කියලා මට හිතාගන්න බෑ. ඇයි යකෝ කෙල්ලෙක් කොන්ඩෙ කොටට කැපුවා කියලා හෙනගහනවද...

"කෝක වුණත් උඹත් පරිස්සමින්. අනුත්තරා මිස් හොඳයි. ඒ වුණත් එයා එක්කත් ඇරියස් කට්ටිය ඉන්නවා. මේක මහ අමුතුම රටක් බං...අපි ජීවත් වෙනවා නෙමෙයි අපිව පාලනේ කරනවා.. කව්ද???මෙලෝ වැදගැම්මකට නැති අපේ ජීවිතේ ගැන තීරණ ගන්න වටින්නෙ නැති උන් ටිකක්... උන්ට යටත් වෙලා බෑ. හැබැයි උන්ට විරුද්ධව යන්නත් බෑ.  "  අශ්විනී මගේ උරිස්සට පාරක් ගහලා ආයෙත් ග්‍රවුන්ඩ් එකට දිව්වා. මං පැවිලියන් එකේ තනි වුණා.

"මීට කලින් මෙහෙම තිබුණෙ නැති නිසා අපි මේක ලොකුවටම කරන්න ඕනෙ. ඕගනයිසින් වැඩ ටික පාස්ට් පීපල්ස්ලා බලාගනියි. අපිට තියෙන්නෙ ගාණට ළමයි ටික ප්‍රැක්ටිස් කරෝලා ස්පීචස් ටික හදාගන්න.. ළමයි ප්‍රැක්ටිස් කරවන වැඩේ නම් සනත් ස'රුයි දෙව්නිකා මිසුයි බලාගනියි. සෙත්මාටයි කවිනිටයි තමා ස්පීචස් ටික හදාගන්න වෙන්නේ. ලෝචනාත් උදව් කරයි .අපිට කාලෙත් තව තියෙන එකේ හැමදේම හරියටම කරන්න ඕනේ...   " සාගරිකා මිස් එයාගේ දිග කතාව ඉවර කලා.

ස්නේහ (GL) Where stories live. Discover now