4

295 36 2
                                    

"අක්කේ, වෙලාව තියෙනවනම් ටිකක් කතා කරන පුළුවන්ද ???" මං තක්බීර් වුණා.

"ගොනෙක් වෙන්න එපා ඕයි. කලබල වෙන්නත් එපා. ගැම්මට හිටපන්..." මගේ හිත ඒ අස්සෙන් කෑගැහුවා.

"ඔව්..කියන්න." මං හෝල් එක ගාවම තිබ්බ මහෝගනි ගහට හේත්තුවක් දැම්මා. අරකි ගවුමෙ කොනක් අල්ලගෙන ඇඹරි ඇඹරි හිටියා ටිකක් වෙලා. ඊලඟට මගේ ගාවටම ආවා. හුස්ම වදින තරම් ලඟටම ආවා. මගේ පපුව හරහා අකුණක් කෙටුවා. මේ කෙල්ල...කොහෙන් කඩාපාත් වුණ එකියක්ද මං දන්නෙ නෑ. මං යන යන තැන් වල මගේ පස්සෙන් කැරකි කැරකි ඉන්නෙ ඇයි කියලත් මං දන්නෙ නෑ . ඒකි දැක්කහම මගේ පපුව ඩෙඟා නටන්නෙ ඇයි කියලත් මං දන්නෙ නෑ.

එදා ඒකිව අල්ලගත්ත වෙලේ දැනුණ නහය කඩන් යන සුවඳ වෙනුවට අද ආවෙ හරිම කූල් පිච්ච මල් සුවඳක්. මං ඒ සුවඳට ඉව ඇල්ලුවා. ඒකි මගෙ පපුව ගානට විතර උසයි.චූටිත්තක් මහතයි. කොන්ඩ කරල් දෙක ඉණ ගාවට දිගයි. හරි ලස්සන සුදු පාටක් එයාට තිබ්බේ. ඒකට මං හෙන ගහලා වගේ. කළුයි කෙට්ටුයි කැතයි. කොන්ඩෙත් ඉත්තෑ කූරූ වගේ.

"අක්කේ...මං ගැන වැරදි විදියට හිතන්න එපා. ඒත් මට මේක ඔයාට නොකියා ඉන්න බෑ. හිතට හරි බරයි." මං එක එල්ලෙ එයාගෙ දිලිසෙන ප්‍රිෆෙක්ට් බැජ් එක දිහා බලන් හිටියා. ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න තමයි කියලා මට කලින් ඉඳන්ම තේරුණා.

"මං...." එයා චුට්ටකට නැවතුණා. මං බලාගෙන ඉඳියා.

"අක්කෙ මං...." කෙල්ල හයියෙන් එයාගෙම තොල හපාගත්තා.

"ඕ ඉතින් ??"  මං ඇහුවේ බලාගෙන ඉඳලා බැරිම තැන.

"මං...මං ඔයාට ක්...කැමතියි..." ඒකි බිම බලාගෙන අඬන්න ඔන්න මෙන්න වගේ කිව්වා.

"ඉතින්...දැන් මට මොකක්ද කරන්න කියලා කියන්නේ..." ඇත්තටම කිව්වොත් මං එහෙම කිව්වා නෙමෙයි කියවුණා. මාර්ක් කරලා තියාගන්න ඔය මං කරපු පලවෙනි ගොංකම.

ඒකි ඔලුව ඉස්සුවේ අර හීනි ඇස් වල කඳුලු පුරෝගෙන. තොල් ලාවට වෙවුලනවා වගේ. කඳුලු බින්දු එක දෙක බිමට වැටෙන්න පටන් ගත්තා.

"මුකුත් නෑ" ඒකි හෙනගහන්නා වගේ කියලා දැම්මා.

"පොඩ්ඩක් ඉන්න..." මං ඒකිගෙ අතින් අල්ලපු වේගෙට වඩා වේගෙකින් මගේ අත ගසල දාලා ඒකි පැවිලියන් එක දිහාවට දිව්වා.



"අම්මපා කියාපන් ඒකි උඹට කැමතියි කිව්වද ?? "

අපි හිටියෙ බස් හෝල්ට් එකේ කෝක් එකක් බිබී. අපේ පාර බස් එක අද්දන්නෙ 2ට. දෙව්මි යන්නෙ 170 බස් එකේ. ඒත් ඒකි බස් එකකට නගින්නෙ අපේ එකත් ආවට පස්සේ. එතකන් වෙලාව අපේ සාකච්ඡා වටයට වෙන් වෙලා තිබුණා.

"ඔව් බං ඔව්...මට හෙන දුකයි ඕයි ඒකි ඇඬුවත් එක්කලා" මං ඒක ඇත්තටමයි කිව්වේ. අඩුම ගානෙ මට එක වචනයක් වත් කියන්න ඒකි ඉඩ දුන්නෑ.

"ඉතින් ඕයි උඹත් රට හරකනෙ..කැමති නැත්තන් ඒක කියන්න විදියක් තියෙනවා. අනික ඕයි ඒ පොඩි කෙල්ලෙක්. හිතේ ආසාවට නොතේරුම් කමට උඹට කියන්න ඇති...."

"මං හිතලා එහෙම කිව්වෙ නෑනෙ බං..."

"උබ කවද්ද ඉතින් හිතලා වැඩක් කළේ..." 

කතාව නතර කරන්න වුණේ අපේ බස් එක ස්ටාර්ට් කරපු නිසා. මං දෙව්මිට යන්නන් කියලා ෆුට්ෆෝඩ් එකේ එල්ලුණා.

ස්නේහ (GL) Where stories live. Discover now