චූදිතයාගේ ඇසින්_____________
මං හිටියෙ මගේ පවුලෙ අයත් එක්ක මගේ කාමරේ. ඒලෙවල් රිසාලට් රිලීස් වෙලා තාම පැය භාගයක් ගියේ නෑ.තාත්තාගෙ උණුම උණු හුස්ම මඟේ ඇඟේ වැදුනා. අම්මා දැන්ටම බය වෙලා. එයා ඒක පෙන්නුවෙ නැති වුණත් එයාගෙ අත් ලාවට ගැහෙන හැටි මට පෙනුණා. මාත් වෙව්ලන අත් වලින් ෆෝන් එක අතට ගත්තා.
මගේ පපුව වේගෙන් ගැහුණා. පාස් වෙයි කියලා මං දැනන් හිටියත් කැම්පස් යන්න තරම් රෑන්ක් එකක් තියේද කියලා මට බය හිතුණා.
ඉන්ඩෙක්ස් නම්බර් එක එන්ටර් කරලා පේජ් එක ලෝඩ් වෙන්න ගත්ත ගමන්ම මං ඇස් පියාගත්තා. විනාඩි බාගෙකට පස්සෙ තාත්තා මගේ ඔලුව අතගානවා මට දැණුනා. මං හිමීට ඇස් ඇරියා.
මගේ ඇස් වල කඳුලු පිරිලා ඉතුරුණා. ආර්ට් ස්ට්‍රීම් එකෙන් අයිලන්ඩ් රෑන්ක් එකක් එක්ක මං කලම්බු ඩිස්ට්‍රික්ට් එකෙන් දෙවෙනියා වෙලා තිබුණා. අම්මා මාව ගොඩ කාලෙකට පස්සෙ තදට තුරුල් කරගත්තා. තාත්තා අක්කට කෝල් එකක් ගත්තා. එයාට සතුටු ඇති. ඒ වගේම දුකත් ඇති. තාත්තා හැමදාම කිව්වේ අක්කා වගේ වෙන්න කියලා. මටත් බයෝ කරන්න කියලා බේරෙන්න බැරුව ඉඳලා තමයි අන්තිමේදි ආර්ට් කරන්න දුන්නේ. අක්කා පේරා ගියා. මට කොහෙ යන්න වෙයිද කියලා හිතාගන්න බැරිවුණා.
හැමදේම ඉක්මනට සිද්ධ වුණේ හරි වේගෙන්. මාස ගාණක් ඇතුලත මාව කලම්බු යුනි එකට සිලෙක්ට් වුණා. ජීවිතේ ටික ටික වෙනස් වෙන්න ගත්තා. යුනී එකේ වැඩත් එක්ක මාව බෙල්ල ලඟින්ම හිර වුණා. ඔය අතරෙදියි එක අසයින්මන්ට් එහෙකට අමරසේකරගේ යලි උපන්නෙමි පොත හොයන්න අවුරුදු ගාණකින් වැරදිලාවත් ගිහින් නැති මම්මම්මගෙ කාමරේ අස් කරන්න ගත්තේ. දැනට අවුරුදු පහකට හයකට කලින් ඒක මගේ කාමරේ. ඒ කාලෙ ආසාවෙන් එකතු කරපු පොත් පත්තර කෑලි හැමදේම ලොකු පෙට්ටි දෙහෙකට දාලා ඇඳ යටින් තියලයි තිබ්බේ. පොඩ්ඩ ඇත්තන් වීස් එකට එන නිසා මං ලොකු ලේන්සුවක් මූණ වටේ බැඳගෙන හිමින් හිමින් පෙට්ටි වල තිබ්බ එව්වා අදින්න පටන් ගත්තා.
බාගෙට බාගයක් වේයො කාලා හොඳටම දිරලා ගිහින්. සමහරක් ඒවා කියවන්න පුළුවන් මට්ටමකට වත් තිබ්බෙ නෑ.කෝමහරි මුළු හවස් වරුවක්ම මහන්සි වෙලා පොත හොයාගත්තා. ඒ දවස් වල ඕක කියෝපු හැටි මට තාම මතකයි. හරි පරිස්සමින් හංඟගෙන ලඟ ඉන්න එකා පොතට එබෙයි කියලා බයෙන් බයෙන් කියෙව්වේ.
![](https://img.wattpad.com/cover/359742295-288-k982627.jpg)
YOU ARE READING
ස්නේහ (GL)
Romanceබොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී....?