2

416 40 11
                                    

"මොකෝ බං වුණේ" දෙව්මිට කුතුහලේ පහල වෙලා .

"වැඩි දෙයක් නෑ බං...පුළුවන් තරම් හයිලයිට් නොවී ඉන්න කිව්වා..තව ටික දවසයිනෙ මේකෙ ඉන්නෙ කොහොමත්...මට හිතෙන හැටියට අපේ එක්කෙනා තමා ඇදලා තියෙන්නේ...මං ඇහුවා කව්ද කිව්වෙ කියලා..මිස් කිව්වෙ නෑ.. ඒත් මට තේරුණා"

"අපේ ගෑණිටත් ඕන්නැති මගුලක් නෑනෙ බං ඉතින් "  දෙව්මි මට නූඩ්ල්ස් හැන්දක් කැව්වා. අපි දෙන්නා මේ හැසිරෙන විදිහට පන්තියෙ එවුන් අපිව කසාද බන්දලත් ඉවරයි කියලා අපි දැනන් හිටියා. ඒත් ඉන්න විදිහ වෙනස් කරන්න අපි දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් වුවමනාවක් තිබ්බෙ නෑ.

"අක්කා කෝ..." චුට්ටක් විතර මහත කොට පුන්චි එකියක් අපේ ක්ලාස් එකට කඩාපාත් වුණා.

"එලියට ගිහින් මං හිතන්නේ..." වටපිට  බලපු ඉස්සරහ පේලියෙ එකා කිව්වා.  ඒත් පොඩි එකීට නෙමෙයි ඒක ඇහුණේ. ඒකි කෙලින්ම බලන් හිටියෙ මං දිහා. දෙව්මි මට තවත් නූඩ්ල්ස් හැන්දක් කවන දිහා ඒකි බලන් හිටියා. මේ එයා... ටැප් එක ගාවදි හම්බුණ ලා පාට හීනි ඇස්... මට ආයෙත් කරන්ට් එක වැදුණා...හීනි ඇස් වලට පොඩි රැවුමක් ඇවිත්. පොඩි එකී ගස්සගෙන අනිත් පැත්ත හැරුණා.

"කව්ද බං ඒ" මං ඇහුවා

"කව්ද ???" 

"ඇයි බං මේ දැන් ක්ලාස් එකට ආවේ පොඩි එකී..."

"ආ ඒ සෙත්මගෙ නංගි..."

"ටහුක් සිරාවට...." මට කියවුණා...

"උඹ දන්නැද්ද ....පුදුමයි" සෙක්ශන් ෆස්ට්ගෙ නංගිව දන්නෑ කියන්නේ ලෝක පුදුමයක්ද...

"නෑ බං මං අදයි දන්නේ ඒකිට නංගි කෙනෙක් ඉන්නවා කියලා...කී වසරෙද??"

"අටේද කොහෙද එයා" දෙව්මි කෑම පෙට්ටිය ස'වියට් එකෙන් එතුවා..

"ඒ මේ ගමන්ම වොශෲම් ගිහින් එමුකෝ....මට ඉන්න බෑ දැන්නම්" දෙව්මි මාවත් ඇදගෙන දිව්වා.

අපේ ඉස්කෝලෙ වොශෲම් නම් ගන්න දෙයක් නෑ..ඒ තරම් පිරිසිදුයි. මං නහයත් වහගෙන වොශෲම් එකේ දොර අල්ලගත්තා. විනාඩි දහයක් යන්න කලින් දෙව්මි එලියට ආවා. ඒත් එක්කම ඇහුණේ හෙන ගෝසාවක්. හරියට මොක්කුහරි රණ්ඩු වෙනවා වගේ. දෙව්මියි මායි සද්දෙ ඇහුණ පැත්තට දුවල ගියා.

අට වසරෙ සෙක්ෂන් එකේ ක්ලාස් දෙකක වලියක් ඇදිලා. මේක ගර්ල්ස් එකක් නිසා ගොඩක්ම කටින් බැන ගැනිලි තමා තියෙන්නේ...ඒත් අන්තිම දරුණු විදිහට ගහගන්න අවස්ථාත් නැතුවම නෙමෙයි. සද්දෙට ස්ටාෆ් රූම් එකේ මිස්ලා දෙතුන් දෙනෙකුත් එලියට දුවන් ආවා. ළමයිනුත් වටේට පිරිලා.

"කොල්ලා ඩබල් ගේම් ගහලා " මගේ ඉස්සරහ හිටපු එකී එයාගෙ යාලුවට මුමුණණවා මට ඇහුණා...

ආආහ් කොල්ලො කේස් එකක්....මෙච්චර කොල්ලො ඉන්න රටේ මොන මගුලකටද එකෙක්ට මරාගන්නේ..මුන්ටත් පිස්සු...ඊටත් අට වසරෙදි. අපි ඔය කාලෙ ඔහොම හිටියෙ නෑ පුතේ...

කෙල්ලො දෙන්නා බැන ගන්න දිහා උපේක්ෂාවෙන් බලන් හිටිය මගේ ඇස් වලට ආයෙමත් අර හීනි ඇස් අහු වුණා..අසාධාරණයට ලක් වෙච්ච එකියක්ගේ යාලුවෙක්ද කොහෙද එයා...එහෙටත් පයිනවා මෙහෙටත් පයිනවා...ට්‍රේනින් ආපු මිස්ලව තඹ සතේකට ගනන් ගත්තෙ නැති කෙල්ලො දෙන්නා තවත් හයියෙන් බැන ගත්තා.. දැන් කට්ටිය පිරිලා..හුස්මක් ගන්නත් ඉඩක් නෑ. මිස්ලා දාගෙන ළමයින්ව ක්ලාස් වලට එලෝනවා. මං දෙව්මිත් ඇදගෙන අට වසරෙ ක්ලාස් එකක් ලඟට ගියා. හීනි ඇස් මගේ ලඟට කිට්ටු වෙනවා මට ඇස් කොනෙන් පේනවා. ඒකි මං දිහා හොරෙන් බලන එකත් මට පේනවා.

එකපාරටම කොහෙන්දෝ විසික් වෙච්ච බෝතලයක් අපේ පැත්තට ඇදිලා ආවා. ඒක හීනි ඇස් වල අයිතිකාරිගෙ ඇගේ වැදෙන්න ඔන්න මෙන්න තියලා ඒකිව දෝත බදලා මං අල්ල ගත්තා.

"අම්මා...." මං ඇද්ද පාරට ඒකි කෑගැහුවා. වීදුරු බෝතලේ බිම වැදිලා කුඩු කුඩු වෙලා ගියා. ඒකි තාමත් මගේ තුරුලේ. අයින් වෙන්න ඒකිට සිහියකුත් නෑ අයින් කරන්න මට සිහියකුත් නෑ. හැමෝම බෝතලේ වැටිච්ච පැත්ත දිහා බලාගෙන කාටවත් අපි ගැන සිහියකුත් නෑ.

"අක්කේ...." ඒකිගෙ තොල් කතා කළා.

ස්නේහ (GL) Where stories live. Discover now