Part 5

271 29 2
                                    

ටේහ්‍යුන්ට ඒ ලෙක්චර් එක ඉවර වෙනකන් ඉවසීමක් නැතුව හිටියේ. මොකද එයා ජන්කුක් දිහා බලන බලන පාරට ජන්කුක් එයා දිහා ලොකු කරගත්ත බෝල ඇස් වලිනුත් රතු වෙච්ච කම්මුල් වලිනුත් බලාගෙන හිටියා. අහින්සක පාට ජන්කුක්ව දැක්කම ටේහ්‍යුන්ට ඕනෙ උනේ දුවලා දුවලා ගිහින් ජන්කුක්ව චප්ප වෙනකන් බදාගන්න.

වෙලාව ගෙවිලා ගිහින් පැය තුනක් අවසානයේ ලෙක්ච එක ඉවර උනා.

" ජන්කුක් පොඩ්ඩක් ඔයා ඔහොම නවතින්න.."

ලෙක්ච එක අවසානයේ නැගිටලා තමාගේ පොත් බෑග් එක හදාගන්න ජන්කුක් දිහා බලපු ටේහ්‍යුන් ටිකක් සද්දෙන් එහෙම කිව්වේ ඒක මුලු හෝල් එකේම දෝංකාර දෙද්දි.

හැම ලමයෙක්ම එකපාරටම ජන්කුක් දිහා හැරිලා බැලුවා. ජන්කුක්ට ලොකු අපහසුවක් දැනුනා එකපාර ගොඩ දෙනෙක් එයා දිහා බලන එක.

" හ.. හරි සර්.."

ජන්කුක් තමාග් පොත් බෑග් එක අතට ගුලි කරගෙන කැඩිච්ච වචන වලින් ටේහ්‍යුන්ට උත්තර දුන්නා.

ජන්කුක් කොච්චර තමාට යටහත් පහත්ද කියලා දැකපු ටේහ්‍යුන්ගේ කටකොනට නිරායාසයෙන්ම හිනාවක් ආවා.

ටේහ්‍යුන් ස්ටේජ් එක උඩ තිබ්බ ගුරු පුටුව උඩින් ඉදගත්තේ ඔක්කොම ලමයි හෝල් එකෙන් යනකම්.

ටේහ්‍යුන් දිහා බලපු ජන්කුක් නම් ඇත්තටම බයවෙලා හිටියේ. මොකද ගුරු මේසය පිටිපස්සේ තිබ්බ පුටුව ස්ටේජ් එක ඉස්සරහටම ඇදගෙන ආපු ටේහ්‍යුන් ඒ පුටුව ජන්කුක්ව හොදින් පේන තැනක වාඩිවෙලා ජන්කුක් දිහා තියුනු ඇස් වලින් බලාගෙන හිටියේ අමුතු හිනාවකුත් එක්ක.

" ජන්කුක්.. මෙහෙට එන්න.."

ටේහ්‍යුන් මෙච්චර වෙලා තමාගේ යටි තොල පිරිමදිමින් හිටපු අත පහල දාලා පුටුවේ කෙලින් වෙලා ඉදගත්තා.

ටේහ්‍යුන්ගේ ගැබුරු කටහඩ ඇහුනු ජන්කුක් එකපාරටම පුටුවෙන් නැගිට්ටෙ ගැස්සිලා.

ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටපු ජන්කුක් එයාගේ ටී ශර්ට් එකේ කොනක් තදින් අත් දෙකෙන්ම කරකවන ගමන් ටේහ්‍යුන් ලගට එන්න ගත්තා. ටේහ්‍යුන් බලාගෙන හිටියේ ජන්කුක්ගේ පුංචි ඉන දිහායි.

𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎Where stories live. Discover now