part 12/2

192 21 1
                                    

Vampire professor
Dark soul sacrifice pt.2

.....................................................

ටේහ්‍යුන්ට උවමනා උනේ නෑ ජන්කුක්ව මේ විදිහට මාක් කරන්න. මේ විදිහට එයාගෙ කරගන්න. ටේහ්‍යුන් දැනන් හිටියා ජන්ගුක් කියන්නෙ තවමත් වජින් කෙනෙක් කියලා.

ඉතින් ටේහ්‍යුන්ට අවශ්‍ය කරලා තිබ්බෙ ජන්ගුක්ගේ පලවෙනි පාර ගොඩක් ලස්සන මතකයන් ජන්කුක්ට ලබාදෙන්න. ටේහ්‍යුන්ට ඕනෙකලේ ඒක ජන්කුක්ට අමතක නොවන රැයක් වෙනවා දකින්න. ඒත් අන්තිමට උනේ මොකද්ද?

එකක් විශ්‍වාසයි. අද දවස ජන්කුක්ට කොහෙත්ම අමතක වෙන එකක් නෑ.. ඒත් එයාට අද දවස ගැන තියෙන මතකයන්? ටේහ්‍යුන් ජන්කුක්ට දෙන්න හිටපු මතක තරම් ඒවා ලස්සන වෙන එකක් නෑ. නමුත් ටේහ්‍යුන් ජන්කුක්ට ලස්සන මතක ලබාදේවි.

" මම මේක කරන්න ඕනෙමද?"

ටේහ්‍යුන් ඇහුවේ තවමත් සුදුමැලි වෙලා ඇදේ වැතිරිලා ඉන්න ජන්කුක් දිහා බලාගෙන ගොඩක් දුකින්.

" වෙන කරන්න දෙයක් අපිට නෑ කුමරුණි.. "

ටේහ්‍යුන්ගේ එහාපැත්තෙන් හිටපු ඩොක්ටර් එහෙම කිව්වාම ටේහ්‍යුන් ලොකු බර හුස්මක් ඉහල දැම්මා. ටේහ්‍යුන්ට දැනුනේ එයාගෙ පපුව උඩ මොකක් හරි බර යමක් තියලා වගේ.

" එහෙනම්.. හ්ම්ම්.. ඕක මට දෙන්න.. "

ටේහ්‍යුන් ඩොක්‍ටර් දිහා නොබලා ඩොක්ටර් දිහාවට අත දික් කලාම ඩොක්ටර් ටේහ්‍යුන්ගේ අත් උඩින් පොඩි කුප්පි දෙකක් තිබ්බා.

" ඕකෙන් කොලපාට එක ඔයාගෙ ඇගට හලාගන්න. රෝසපාට එක එතුමාට පොවන්න.. "

ජන්කුක්ව පෙන්නලා එහෙම කිව්ව ඩොක්ටර් ටේහ්‍යුන්ගේ උරහිසින් අතක් තිබ්බා. හෝසියොක් කියන්නෙ ටේහ්‍යුන්ගේ පෞද්ගලික වෛද්‍යවරයා උනාට ඒ දෙන්නා පොඩිකාලෙ ඉදන් යාලුවො. හරියට ජිමිනුයි ටේහ්‍යුනුයි වගේ.

" බය වෙන්න එපා.. හැමදේම හොද විදිහට සිද්ද වෙයි. "

ටේහ්‍යුන්ගේ උරහිස ටිකක් මිරිකපු ඩොක්ටර් කාමරෙන් එලියට ගියේ දොර එලියෙන් ලොක් කරගෙන.
ලොක් කලා කියන්නේ ඒක සාමාන්‍ය ලොක් කිරිල්ලක් නෙමෙයි. මුලු දොරම යකඩ දංවැල් වලින් ආරක්ශා කරලා ලොකු යකඩ ඉබ්බෙක් දාලයි තිබුනේ.

𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎Where stories live. Discover now