Part 8

232 28 2
                                    

ටේහ්‍යුන් ජන්කුක්ව මුලු දවසම බලාගත්තේ ගොඩක් ආදරෙන්. හැබැයි එයා possesive නොවුනෙමත් නෑ. එක තැනකදි තව ටිකෙන් කොල්ලෙක් ටේහ්‍යුන් අතින් මැරුම් කන්නත් ගියා..

ඒක උනේ මෙහෙමයි..

ඇදුම් අරගෙන වාහනේට නැග්ග ටේහ්‍යුන් හිතුවේ ජන්කුක්ව දැන් කෙලින්ම ගෙදරට ගිහින් දැම්මනම් හොදයි කියලා. මොකද එයා කැමති උනේ නෑ එයාගෙ මේට් වැඩිය මහන්සි වෙනවට. කොහොමත් bunny hybrid ලාට ඉක්මනටම මහන්සි දැනෙනවා.

ඒත් ටේහ්‍යුන්ගේ ඒ තීරණය වෙනස් වෙන්න ගියේ තප්පරයයි. ජන්කුක්ගේ බඩ කෑගහන සද්දෙ ඇහුනම ටේහ්‍යුන් ශීට් බෙල්ට් එක දාන එකත් පැත්තකින් තියලා ජන්කුක් දිහා බැලුවා.

ජන්කුක්ට තේරුනා එයාගේ බඩ කෑගහපු එක ටේහ්‍යුන්ටත් ඇහුනා කියලා. ජන්කුක් ශීට් එක උඩ ගුලි උනේ ලැජ්ජාවෙන්.

" මං දිහා බලන්න බේබි.."

ජන්කුක්ගේ නිකටට ඇගිල්ල තියලා ටේහ්‍යුන් ජන්කුක්ගේ මූන එයාගෙ පැත්තට හරවගත්තා.

" ඒන්ජල්ට බඩගිනීද ම්ම්??"

ටේහ්‍යුන් ඇහුවේ ගොඩක් sweet කටහඩකින්.

" ම්ම්හ්.. "

ලැජ්ජාවෙන් ඇබරුන ජන්කුක් කෙදිරිගාලා ලාවට ඔලුව ඉහල පහල කලා.

" මට වචන ඕනෙ බේබි.. ඔහොම නම් ඔයාට කෑම හම්බෙන්නෙ නැතිවෙයි.."

ටේහ්‍යුන් හිනාවෙන ගමන් එහෙම කිව්වා.

" ම..ට බඩගිනීයි.."

ලා කටහඩකින් ටිකක් ඇදලා එහෙම කියපු ජන්කුක් එයාගෙ අත් දෙක අස්සේ මූන හංගගත්තා.

මේ වෙලාවෙ එයාගෙ දිග හා කන්දෙක තිබ්බා නම් අනිවාර්යයෙන්ම එයා එයාගෙ ඇස් දෙක හා කන්දෙකෙන් වහගන්න ඉඩ තිබ්බා.

" එහෙනම් අපි කන්න යමු.."

එහෙම කියපු ටේහ්‍යුන් ඉක්මනට ශීට් බෙල්ට් එක දාගෙන වාහමේ පාරට දැම්මේ එයාගෙ මේට් ට හොදම රෙස්ටුරන්ට් එකකින් හොදම කෑම අරන් දෙන්න.

ඒත් පාරෙ දෙපැත්තේ තියෙන street food කඩ දැක්ක ජන්කුක්,

" අනේ.. අනේ හියුන්ගී.. වාහනේ නවත්තන්නකෝ.."

𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎Where stories live. Discover now