Part 24

145 20 0
                                    

" එපාආආආආආආආ.. "

ටේහ්‍යුන් කෑගහද්දි එයාගෙ කටහඩ ඩබල් ඩබල් ඇහෙන්න ගත්තා. හරියට නිකන් අපි බලන හොල්මන් ෆිල්ම් වල හොල්මන වැහිච්ච මනුස්සයා කෑගහනවා වගේ.

" කරුණාකරලා ටේහ්‍යුන්ගි.. මේ ඔයා නෙමෙයි.. අනේ ආපහු මගේ හියුන්ගි වෙන්න.. "

දරුවගේ බෙල්ලෙන් කිනිස්ස අයින් කරන්නෙ නැතුවම ජන්කුක් කෑගහලා අඩන ගමන් එතනම දණගහගත්තා.

මායා වලල්ලෙන් එපිට හිටිය ටේහ්‍යුනුත් ජන්කුක් එක්කම මායා වලල්ලට අතක් තියාගෙනම එතනම දණගැහුවා.

" කරුණාකරලා.. "

ජන්කුක් මිමිනුවා.

ටේහ්‍යුන්ගේ තද කලි අන්ධකාරය විතරක් වෙලාගෙන තිබ්බ ඇස් වලින් කදුලු ගලාගෙන ආවා. ඒත් එයාගෙ මූනෙ කිසිම වෙනසක් වෙලා තිබ්බෙ නෑ. ඒ මූනේ තිබ්බෙ හිස් බැල්මක්.

ඒත් ටේහ්‍යුන්ගේ ඔලුව ඇතුලේ ලොකු සටනක්! ටේහ්‍යුන්ගේ ශරීරයේ පාලනය වෙනුවෙන් ලොකු සටනක්!

" ටේහ්‍යුන්.. මට යටත් වෙයන්.. "

ටේහ්‍යුන් එයාගෙ ශරීරයේ පාලනය නැවත ලබාගන්න පොරකනවා කියලා දැනුනු නපුර ටේහ්‍යුන්ට අණ කලා.

" මේ පාර මම උඹට යටත් වෙන්නෙ නෑ.. "

ටේහ්‍යුන් කේන්තියෙන් කෑගැහුවා.

" උඹට මාව පරද්දන්න බෑ ටේහ්‍යුන්.. "

නපුර සමච්චලයට හිනා උනා.

" නෑ.. මට පුලුවන්.. මට ඒක කරන්න පුලුවන්.. "

ටේහ්‍යුන් ආයාසයෙන් කෑගැහුවේ ඔහු ආපහු හැමදේම එයාගෙ පාලනයට ගන්න එයාගෙ සම්පූර්ණ බලයම වැය කරමින් හිටිය නිසා.

ටේහ්‍යුන්ගේ මනස ඇතුලේ කොච්චර ලොකු සටනක් උනත්, එයාලා කොච්චර කෑගහගත්තාත් එලියට ඒ කිසිම දෙයක් ඇහුනේ නෑ.

තවමත් ජන්කුක් ගල් ගැහිලා වගේ ඔහේ බලාගෙන ඉන්න ටේහ්‍යුන් දිහා බලාගෙන ඉන්නවා. අවට වටපිටාව කලු වලාකුලු වලින් වැහිලා ගියා. මහා වැස්සක පෙරනිමිති පෙන්නමින් සීතල සුලං විටෙන් විට හමාගෙන ගියා. ඒත් තවමත් කිසිම කෙනෙක් එක වචනයක් කිව්වෙවත්, එක අඩියක් හෙල උනේවත් නෑ. ජන්කුක් තවමත් එයාගේ දරුවගේ බෙල්ලට කිනිස්සක් තද කරගෙන.

𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎Where stories live. Discover now