Part 21

152 22 0
                                    

Vampire professor
Part 21

.............................................................

ඉක්මනට වට පිට බලපු පොඩි කලුපාට හා පැටියා ඒ පැත්තෙ කවුරුවත්ම නෑ කියලා තහවුරු උන ගමන් ඉක්මනටම ආපහු එයාගෙ හියුමන් ෆෝම් එකට ආවා.

එයාගෙ කොන්ද දිගේ තද කරන්ට් එකක් යනවා වගේ ලොකු වේදනාවක් දැනෙන්න අරං තිබුනා වගේම එයාගෙ යටි බඩ කවුරු හරි තද කරලා චප්ප කරනවා වගේ වේදනාවක් එයාට දැනුනා.

තොල සම්පූර්ණයෙන්ම හපාගෙන කෑ ගැහෙන එක වලක්වගත්තු ජන්කුක් අමාරුවෙන් ගස් වලට හේත්තු වෙවීම ගිහින් එයාගෙ ඇදුම් වැටිලා තිබ්බ තැනට ගියා.

එයාගෙ කලුපාට දිග කලිසම බිම එලුව ජන්කුක් ගහකට පිට දීලා හේත්තු උනා. ඒ වෙද්දි ආපහු ලොකු වැස්සක් පටන් අරන් තිබ්බත් ජන්කුක්ට යාන්තම් තෙමෙන්නෙ නැතුව බේරෙන්න පුලුවන් උනේ එයා හිටියේ ලොකු අතු බෙදිච්ච ගහකට පොට දීලා නිසා.

දැනෙන වේදනාව ටික ටික වැසි වේගෙන එද්දී එයාට තේරුනා එයාගෙ දරුවා මේ ලෝකෙට එන්නයි යන්නෙ කියලා.

එයාට ටේහ්‍යුන්ව උවමනාම මොහොතක ටේහ්‍යුන් එයාගෙ ලග හිටියේ නෑ. ඇදක් උඩ වින්නඹු මාතාවන්ගේ උදව්වෙන් හරිම පරිස්සමින් කරන්න ඕනෙ ප්‍රසූතිය ජන්කුක්ට තනියමම මහ කැළයක් මැද කරගන්න වෙලා.

මහ වැසි මැද්දෙම ජන්කුක්ගේ ඉහින් කනින් දාඩිය ගලන්න පටන් ගත්තා. වේදනාවටම ජන්කුක්ගේ ඇස් වලින් කදුලු ගලන්න පටන් ගත්තේ ඒ වෙලාවෙ තිබ්බ වැස්ස වගේ.

එයාගෙ අතට අහු උන එයාගෙ සුදු පාට මඩ ගෑවිච්ච ශර්ට් එක අරගත්තු ජන්කුක් ඒක ගුලි කරලා කටේ ඔබාගත්තේ හදිස්සියේවත් එයාගේ කෑගැහිලි ආවොත් කැරලි කාරයෝ ආපහු එයි කියලා හිතිලා.

ජන්කුක් මුලින්ම ඇස් වහගෙන සන්සුන් වෙන්න හැදුවා. ඒත් ඒ වෙලාවෙ ඒක එයාට කරන්න බැරි උනාම ජන්කුක්ට ඇඩුනා.

ඒත් එක්කම ජන්කුක්ට එයා ඉන්න ගහ පිටිපස්සෙන් කොල පෑගෙන සද්දයක් ඇහුනාම කලබල උනු ජන්කුක් ඉක්මනින් ඇස් ඇරියා.
ජන්කුක් නැගිටින්න උත්සාහා කලත් ආපහු එයාව එතනම ඉන්දවුනේ කොන්දෙනුත් ‍යටි බඩෙනුත් දැනෙන දැඩි වේදනාවට.

𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎Место, где живут истории. Откройте их для себя