_03_

2.6K 334 24
                                    

" දැන් උබ කියන්නෙ අපෙ තවිදු මල්ලි එක්ක ආරොන් ලව් කියලද.."

" ලව් නෙවෙයි ඕයි උබ ට ඔය ආරෝන්ද අයේන්ද මොකාද එකා දැක්කම පේනවද ඌ සිරා ලව් කරන එකෙක් වගෙ.. උගෙ තියෙන්නෙ තනිකරම උබෙ ටයිප් එක.." 

" මොකක්ද ප්ලෙ බෝයි ටයිප් ද.."

මෙච්චර වෙලා කට පියන් කතාව අහන් හිටිය එයොන් මැද්දෙන් පැන්නා

" අහ්ම්.. කැහැ.. කැහැ.. හරියටම කිව්වා හැබැයි.." 

අභී නුත් පැත්තෙන් දුන්නෙ කට කොනට යනකම් හිනාවක්  චනෙරුට දෙන ගමන්

" අහ්ම්... සීතල යුද්ධයක් වගෙ.."

" එයොන්.. එලියට එනවා මට තමුසෙ එක්ක කතාකරන්න ඕන .."

" මට කතාකරන්න දෙයක් නෑ.."

" තමුසෙට එන්න බැරිද දැන් "
චනෙරු පුටුවෙන් නැගිටලා එයෝන් ගෙ ෂර්ට් කොලර් එකෙන් අල්ලලා තමන්ගේ පැත්තට හරවගත්තා.

" බැ කිව්වනෙ ඕයි පාඩුවෙ ඉදපන් "
එයෝන් අනිත් පැත්තට ෂර්ට් එකෙන් චනෙරුගෙ අත ගලවගෙන හැරුනෙ ක්ලාස් එකෙන් එලියට යන්න

" පාඩුවෙ ඉන්න තිබ්බා උබ මහ රෑ මැද්දෙ ඇවිල්ලා කිස් කරෙ නැත්නම්.. "

" මොන.. කැහැම්... කැහැම්.."
" යකොව්.... "
" මොකක් කිව්වා... "

මේ වතාවෙ සද්දෙන් කෑගැහුවෙ අනිත් තුන් දෙනා. යුග්ම බෙල්ල ගැලවෙන සයිස් එකෙන් හැරිලා චනෙරු දිහා බලද්දි යශ් එහා පැත්ත හැරෙන්න ගිහිල්ලා පුටුවෙනුත් බාගෙට පෙරලිලා වැටුනෙ කටත් ඕ අකුර කරගෙන නැගිටලා හිටිය කොල්ලො දෙන්නා දිහා බලන ගමන්

" තමුසෙ.. ඒක ඒක.. " 
එයෝන් නැගිටලා චනෙරු දිහා බැලුවෙ අසරණ විදියට. කොල්ලා හිතුවෙ නෑ ඒ දෙ මෙ විදියට හැමොම ඉස්සරහ චනෙරු එලියට දාවි කියලා. මෙ වෙලාවෙ පන්තිය ඇතුලෙ හිටියෙ මෙ පස් දෙනා ඇරුනම තව කොල්ලො දෙතුන් දෙනෙක් විතරයි. සෙට් එකම හිටියෙ කෙමෙස්ට්‍රි පීරියඩ් එකෙ ලැබ් එකට යන්නෙ නැතුව ඒක කට් කරන ගමන්.

" එයොන් ඉදපන්..." 
" ඒ පොම්ඩි බෙමිසිකයා මෙහෙ වරෙන්.."

" ඌට යන්න දීපන් දැන් කොහොමත් ඌව හොයන් ගියාට වැඩක් වෙන්නෙ නෑ. ටිකක් ඉදලා මන් යන්නම් කොමස් එකට ඔයා යනවා ඇත්තෙ .."
අභී කිව්වෙ ලොකු කතාබහකට වගේ පුටුවත් පිටිපස්සට හරවන් චනෙරු ට කෙලින් වාඩිවෙන ගමන්

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now