_23_

2K 264 24
                                    

" ලබන සතියෙ හවුස් ටික හදන්නත් ඕන.. සිකුරාදා ස්පෝර්ට්ස් මීට් එක.. ඔය ටික අවුලක් නැතුව කරගන්න තිබ්බොත් එච්චරයි මටනම් "

" හවුස් හතර හදන වැඩ හවුස් කැප්ටන් ලා බලාගනියි නෙ අපිත් අපේ ටික කරගමු අනිත් මැච් ටික සිකුරාදා නෙ සටිෆිකට්ස් ටිකයි මෙඩ්ල්ස් ටිකයි ලබන සදුදා වෙද්දි රෙඩි වෙයි.. "

" චනෙරු උබලයි තාත්තා ත් එනවනෙ ගෙස්ට් කෙනෙක් විදියට "

" හ්ම් එයා ඉතින් අපෙ ඉස්කෝලෙ දෙයක් මිස් කරොත් බැරිය.. "

යුග්ම චනෙරු යි අභී යි එක්ක ජිම් එකට යන ගමන් ටොයිලට් එක පැත්තෙ අස්සකට වෙලා හිටිය කොල්ලො ටිකකට කතාකරලා උන් ටිකව ජිම් එකට යැව්වෙ ජිම් එකෙ තිබ්බ බඩු වගයක් අස් කරවගන්න. යුග්ම උදේ චනෙරු ගෙ අම්මා එක්ක ඉස්කෝලෙ ට එද්දි ගිය ගමන ඉවර කරලා එහෙම්ම චනෙරු ආවෙ ටිකක් පරක්කු වෙලා. අභී සාක්කු දෙක අස්සෙ අත් දාගෙන කිසි කතාවක් නැතුව ඉස්සරහට යද්දි යුග්ම සැරින් සැරේ හැරිලා බැලුවේ කොල්ලා අද වෙනදට වඩා සයිලන්ට් ගහලා ඉන්න නිසා.

" වට් ද.. අතන මොකක්ද වෙන්නෙ බලපන් "

" ඕයි මල්ලි නවත්තපල්ලා"

යුග්ම කියද්දි එතනට අභී චනෙරු දෙන්න දුවන් ගිහින් වටේ හිටිය කොල්ලො දෙතුන් දෙනෙක් ව ඇදලා එහාට කෙරෙව්වා. කොල්ලො දෙන්නෙක් බිම පෙරලිලා එකෙක් ලේ එන්නම ගුටි කාලා ඒ ලක්ෂිත කියලා දැක්ක යුග්ම අඩිය ටිකක් ඉක්මන් කරලා එතනට ගියා. ලක්ෂිත ව යට කරන් එක අතකින් උගෙ බෙල්ල තද කරන් හිටියෙ වෙන කවුරුත් නෙවෙයි ආරෝන්. චනෙරු ආරෝන් ව ඇදලා අරගෙන පැත්තකට කරද්දි අභී ලක්ෂිත ව නැගිට්ටෙව්වා. ලක්ෂිත හිටියෙ ආරෝන් ව මරන් කන සයිස් එකෙන් ආරෝන් නුත් ඒකට දෙවෙනි නෑ කොල්ලා කිසි බයක් නැතුව එකෙල්ලෙම ලක්ෂිත දිහාවට හැරිලා නැගිට්ටා. ලක්ෂිත ගෙ බෙල්ලෙ ආරෝන් තදකරපු පාර තදට හිටලා රතු වෙලා තියෙන හැටි යුග්ම හිටිය තැනටත් පෙනුනා. නහයෙන් ලේ ඇවිල්ලද කොහෙද මූනෙ පැත්තකම ලේ ඌ හිටියෙත් වම් අත බැදගෙන.

" මොකක්ද මෙතන වුනේ.. මල්ලි උබ මොකද මූට ගැහුවෙ මූ ප්‍රිෆෙක්ට් කෙනෙක් කියලා දන්නෙ නැද්ද ආ.. එතකොට ලක්ෂිත බැජ් එකත් ගහගෙන මෙහෙම රණ්ඩු වෙන්න පිස්සුද උබට.."

ආරු...  ( BL )  COMPLETED ✓Место, где живут истории. Откройте их для себя