_44_

1.8K 253 28
                                    

ඉතාලියේ මිලානෝ වලට අදත් සුපුරුදු පරිදි එක කාර්යබහුල දවසක්..මිලානෝ නගරයේ ලොකු ගස් වලින් වට වෙච්ච පාරාදීසයක තිබ්බ පොඩි අපාර්ට්මන්ට් එකක තුන්වෙනි තට්ටුවෙ ලී වලින් බිත්ති නිම වෙලා තිබ්බ ඒ කාමරේ ටම කියලා තිබ්බෙ සාලෙට අල්ලපු පොඩි කිචන් එකක් එක්ක පොඩි බාත්රූම් කෑල්ලක් විතරයි. කාමරේ ඇතුලට ඉර එලිය ගලන් එන එකම ජනේල පේලිය වැහිලා තිබ්බ සුදු පාට කර්ට්න් ටික නිසා කාමරේ තිබ්බෙ අඩ අදුරෙ. සාලේ බිත්තියට හේත්තු කරලා තියෙන ගිටාර් කේස් එක ඇරුනම ඇතුලෙ අනිත් දේවල් තිබ්බෙ වැටිච්ච වැටිච්ච තැන් වල.
කාමරේ ඇද උඩ හිටිය කෙනා එක ඇහැක් විතරක් ඇරලා බෙඩ් සයිඩ් ටේබල් එක උඩ තියෙන එලාම් ඔරලෝසුව දිහාවට ඉස්සිලා ආයිත් ඇදේ මුනින් අතට හැරිලා ඇදට උඩින් තිබ්බ රවුම් බල්බ් එක දිහා බලන් හිටියා. පිට පිට දෙවෙනි වතාවටත් රින්ග් වෙන ෆෝන් එක ඇදලා අරන් කනෙන් තියාගත්තෙ ඩිස්ප්ලේ එකේ තිබ්බ නම දැකලා  මෙච්චර වෙලා තිබ්බ මූඩ් එක වෙනස් වෙලා ගිහින් නිදහස් හිනාවකින් ඒ මුලු මූනම පිරිලා යද්දි..

" නැගිට්ටද "

" ම්ම්ම්.. තාම නෑ බාගෙට නැගිට්ටලා "

" දැන් දවල් වෙලානෙ දරුවො නැගිටලා ෆ්‍රෙශ් වෙලා කෑමක් හදාගන්න. හෙට එක්සෑම් එකක් කිව්වා නේ ඔහොම දවල් වෙනකම් නිදාගත්තාම හරි ද.. කෝ නැගිටලා වීඩීයෝ ඔන් කරන්න.. "

ඇද ගාවම බිම තිබ්බ ලොම් වලින් හදලා තිබ්බ සෙරෙප්පු දෙක දාගත්ත කොල්ලා කෙලින්ම ෆෝන් එකත් අරගෙන කිචන් එක පැත්තට ඇවිදන් ගියෙ ඊයේ රෑ උදේට උයන්න කියලා ගෙනාව බිත්තර ටික මේසෙ උඩින් අරගන්න ගමන්.

" විනාඩියක් දෙන්න මන් මෙතන අස් කරලා වීඩියො ඔන් කරන්නම් "

" මොකද.. එදා අස් කරාට පස්සෙ අද ද ආයි ඔතෙන්ට අඩිය තිව්වෙ  "

" විනාඩියයි සුද්දා ඔන්න කෑගහන්න පටන් ගන්න එපා ඉතින් මන් බිසී කියලා දන්නවනෙ "

කිචන් එකේ තිබ්බ එක එක ජාතියෙ කෑම පැකට් නූඩ්ල්ස් පෙට්ටි ඔක්කොම එක ගොඩකට අයින් කරලා බිම පුරා විසිරිලා තිබ්බ කෑලි බෑලි ටිකත් පැත්තකට තල්ලු කරලා දාලා කෝල් එකේ වීඩියො ඔන් කරලා ෆෝන් එක එතන ටයිල් එකට හේත්තු කරා..

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now